කැරට්, බෝංචි, ලීක්ස් සහ ගෝවා සීයට නගී

2015-05-21 10:28:00       689
feature-top
කැරට්, බෝංචි, ලීක්ස් සහ ගෝවා ඇතුලූ එළවළු වර්ග කිහිපයක කිලෝග්‍රෑමයක සිල්ලර මිල ගණන් මේ වනවිට රුපියල් 100 ඉක්මවා ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා. එම මධ්‍යස්ථානයේ අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ වෙළඳපොලට එළවළු ලැබීමේ අඩුවක් හේතුවෙන් මෙලෙස එළවළු මිල ගණන් ඉහළ ගොස් ඇති බවයි. පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් එළවළු නිෂ්පාදනය පහත වැටී තිබෙනවා. විශේෂයෙන්  උඩරට මෙන්ම පහත රට එළවළු මිලද මෙලෙස ඉහළ ගොස් ඇති බවයි කෘෂි ව්‍යාපාර අංශයේ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන වැඩිදුරටත් සඳහන් කළේ.

Wmqgd .ekSu ,xldoSm mqj;am; weiqfrks

More News »