එළවළු මිල යන උඩක්

2015-07-03 09:33:00       804
feature-top
වෙළඳපොලේ මේ වනවිට ඉහළ ගොස් ඇති එළවළු මිල ගණන් තවදුරටත් ඉහළ ගොස් ඇති බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීම් ආයතනය පවසනවා. එහි පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ අද වනවිට කන්ද උඩරට වගා  කෙරෙන එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 ත් 200 ත් අතර මිලක පවතින බවයි. එමෙන්ම පහත රට වගා කෙරෙන එළවළු කිහිපයක මිල ගණන්ද මේ වනවිට කිලෝග්‍රෑමයක් රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇති බවයි ඔහු සඳහන් කළේ.

මිල ඉහළ ගොස් ඇති එළවළු වර්ග අතර බෝංචි, කැරට්, බීට්රූට්, මාළු මිරිස් සහ ගෝවා වනවා. කෙසේ වෙතත් වම්බටු, වට්ටක්කා, පතෝල සහ කැකිරි, පිපිඤ්ඤා එළවළුවල මිල ගණන් ඊට සාපේක්ෂව යම්තාක් දුරට අඩු මට්ටමක පවතින බවයි  පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන සඳහන් කළේ.  මේ හේතුව නිසා පාරිභෝගිකයන් අර්තාපල්, පරිප්පු ආදී වෙනත් ආදේශක යොමුවී තිබෙනවා. එබැවින් අර්තාපල් සහ පරිප්පුවල මිල ගණන්ද පසුගිය දින කිහිපය තුළ ඉහළ ගියා. යල කන්නයේ වගා කරන ලද එළවළු නිෂ්පාදන වෙළඳ පොලට ඉදිරි දින කිහිපය තුළදී ලැබීමට නියමිත බවයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීම් ආයතනයේ පර්යේෂණ නිලධාරී දුමින්ද ප්‍රියදර්ශන වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

curtesy : hiru news


More News »