පොල් බෑය කහ නොවී කල් තබා ගන්න

2015-07-04 10:25:00       554
feature-top
ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා

සාමාන්‍යයෙන් පොල් ගෙඩියක මුලින්ම ගන්නේ සිදුරු තුන සහිත බෑයයි. ඒ එම කොටස ඉක්මනින්ම නරක් වන නිසයි. ඉන්පසුවත් එක් බෑයක් ඉතිරි වූ විට එළියේ තිබුණහොත් කහ පැහැවෙයි. එය වළක්වා ගන්න සෙලෝපේන් කොළයකින් පොල් බෑයට වාතය ඇතුළු නොවන සේ ඔතා තබන්න.

දැන් කාලෙ විතරක් නෙවෙයි ඉස්සර කාලෙත් වටිනා පර්ෆියුම් නිෂ්පාදනය කරලා තියෙනවා. ලෝකෙ පළමුවැනි වතාවට පර්ෆියුම් ගැන ලිඛිතව වාර්තා වෙන්නෙ ක්‍රිස්තු පූර්ව දෙවැනි සියවසෙන්. හැබැයි ඊටත් ඉස්සර කාලෙ මෙසෙපොතේමියානු සහ ඊජිප්තු ජාතිකයන් පර්ෆියුම් භාවිත කරලා තියෙනවා. එහෙම කියන්න හේතුව තමයි ඊජිප්තු රජවරු රාජිනියො මිය ගියාම ඒ මළ සිරුර මමිවල තැන්පත් කරන්නෙ සුවඳකාරක ද්‍රව්‍යයත් එක්ක. එතකොට මිනිය කුණු වුණා කියලා ලොකු දුගඳක් හමන්නෙ නැහැ. ඒ කාලෙම වගේ රෝමන්වරු සහ පර්සියන්වරුත් පර්ෆියුම් පාවිච්චි කරලා තියෙනවා. ඒ දියර විදියට නෙවෙයි. ක්‍රමයෙන් දියවෙන ඝන ද්‍රව්‍යයක් විදියට. ඔය විදියට අතීතයෙන් ආපු පර්ෆියුම් අද තරුණ තරුණියන්ට නැතිවම බැරි දෙයක් වෙලා.


පර්ෆියුම් එකක් තෝරාගන්නකොට ඒකෙ ලියලා තියෙන දේවල් හොඳින් කියවන්න ඕනෙ. සමහර පර්ෆියුම් කුප්පිවල ඡ්චභ ඤඥ බධඪතඥබබඥ කියලා ගහලා තියෙනවා දැකලා ඇති. සමහර පර්ෆියුම් කුප්පිවල ගහලා තියෙන්නෙ ඡ්චභ ඤඥ නඥපටභථඥ කියලා. මේ ඡ්චභ ඤඥ බධඪතඥබබඥ කියලා ගහලා තියෙන ඒවගේ මිල ඡ්චභ ඤඥ නඥපටභථඥ එකේ මිලට වඩා අඩුයි. ඒ වගේම ඒවල සුවඳ රැඳිලා තියෙන්නෙ පැය තුන හතරක් විතරයි. එහෙම වෙන්නෙ ඒකෙ තියෙන සුවඳකාරක ද්‍රව්‍ය ප්‍රතිශතය සියයට 5-15 අතර ප්‍රමාණයක් වන නිසයි. ඡ්චභ ඤඥ නඥපටභථඥ එහෙම නෙවෙයි. ඒවල මිල ටිකක් වැඩියි වගේම දවස පුරාම සුවඳ රැඳිලා තියෙනවා. ඒවගේ සුවඳකාරක ද්‍රව්‍ය සියයට 15-30 පමණ අඩංගු වෙලා තියෙනවා. සමහර වෙලාවට ඡ්චභ ඤඥ නඥපටභථඥ ස්ප්‍රේ කරපු ඇඳුම්වල සුවඳ දවස් දෙක තුනක් යනකන්වත් ඉවත් වෙන්නෙ නැහැ. සමහර ඡ්චභ ඤඥ නඥපටභථඥ වර්ග ස්ප්‍රේ කරපු ගමන් කිසිම සුවඳක් දැනෙන්නෙ නැහැ.


මේ දෙකම හැරුණම ඡ්චභ ඤඥ ජධතධඨදඥ කියලා වර්ගයකුත් වෙළෙඳපොළේ තියෙනවා. ඒවගේ මිල ගොඩක් අඩුයි. ඒ වගේම සුවඳත් අඩුයි. එහෙම වෙන්නෙ ඒවල අඩංගු සුවඳකාරක ද්‍රව්‍ය ප්‍රමාණය සියයට 3-5 පමණ වන නිසයි. ඒ වගේ ඥයබපචඪබ කියලා හරි නිකන්ම නඥපටභථඥ කියලා හරි කුප්පියේ ගහලා තියෙනවා නම් ඒක මේ ඔක්කොටම වඩා මිල අධික පර්ෆියුම් එකක්. ඒ කියන්නේ ඒකෙ තියෙන සුවඳකාරක ද්‍රව්‍ය ප්‍රමාණය සියයට 15-40 අතර ප්‍රමාණයක් කියන එකයි. ඒ වගේම ඒක නියමිත ප්‍රමිතියකින් නිෂ්පාදනය වෙලා තියෙනවද කියලා බලලා ප්‍රමිති සහතිකයකුත් ලබා ගන්න සිද්ධ වෙනවා. අර කලින් කියපු ලෝකෙ මිල අධිකම පර්ෆියුම් එකේ අඩංගු සුවඳකාරක ද්‍රව්‍ය ප්‍රමාණය සියයට 45-50ක් විතර වෙනවා. ඒ කියන්නෙ සුවඳකාරක ද්‍රව්‍ය සියයට සියයක් අඩංගු වුණොත් කොහොමට තියෙයිද කියලා හිතා ගන්න පුළුවන් නේද?
ලංකාවේ ගොඩක් වෙලාවට විකුණන්න තියෙන්නෙ ඡ්චභ ඤඥ බධඪතඥබබඥ, ඡ්චභ ඤඥ නඥපටභථඥ, ඡ්චභ ඤඥ ජධතධඨදඥ කියන වර්ග විතරයි. ඥයබපචඪබ වගේ එකක් ගන්න ඕනෙ නම් සුපිරි ගණයේ සුවඳ විලවුන් ආනයනය කරන තැනකින් මිලදී ගන්න හරි ඇණවුම් කරලා ගෙන්න ගන්න හරි පුළුවන්. එහෙමත් නැත්නම් එයාපෝට් එකේ ඩියුටි ෆී්‍ර ෂොප්වලින් ගන්නත් පුළුවන්. අනෙක් කාරණය තමයි පර්ෆියුම් ස්ප්‍රේ කරද්දි හිස් කබලට, කන් දෙකට ස්ප්‍රේ කරන්නෙ නැහැ. සිරුරට ස්ප්‍රේ කරනවා නම් බෙල්ල දෙපැත්තට, මැණික් කටුවට, වැලමිට නැවෙන ඇතුළු පැත්තට, කොට ගවුමක් අදිනවා නම් දණහිස් දෙකේ ඇතුළු පැත්තට වගේ තැන්වලට සෘජුවම වැදෙන්න ස්ප්‍රේ කරන එකෙන් සුවඳ වැඩි වෙලාවක් රඳවා ගන්න පුළුවන්. ඇඳුමට ස්ප්‍රේ කළොත් කාලයක් යද්දී ඇඳුමේ වර්ණ වෙනස් වෙන්න පුළුවන්. ඒත් ඡ්චභ ඤඥ ජධතධඨදඥ වර්ග හිස් කබලට සෘජුවම ස්ප්‍රේ කළා කියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. මොකද ඡ්චභ ඤඥ ජධතධඨදඥ වර්ගයේම වෙනත් වර්ග තමයි පුංචි දරුවන් වෙනුවෙන් නිෂ්පාදනය කරන ජධතධඨදඥ විදියට වෙළෙඳපොළට එන්නෙ.


සමහර පර්ෆියුම් වර්ග මුලින්ම ස්ප්‍රේ කරන වෙලාවට පල් වතුර ගඳක් එන්නත් ඉඩ තියෙනවා. හැබැයි පැය බාගයක් විතර යද්දි පුදුමාකාර සුවඳක් විහිදෙන්න පටන් ගන්නවා. ඒක තමයි නියම උසස් තත්ත්වයේ පර්ෆියුම්වල විදිය. අනෙක් කාරණය එකවර පර්ෆියුම් වර්ග තුනකට හතරකට වඩා සුවඳ බලන්න යන්න එපා. මොකද ඒ සුවඳ වර්ගවලට නහය හුරු වුණාම කොච්චර සුවඳ බැලුවත් නහයට ඒක හරි විදියට හඳුනා ගන්න බෑ. ඒකට කරන්න දේකුත් තියෙනවා. ඒ තමයි කෝපි ඇටවල සුවඳ ආඝ්‍රහණය කරන එක. එතකොට නහය ක්ලියර් වෙලා ආයෙත් අලුත් සුවඳ වර්ග හඳුනා ගන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. අදින් පස්සෙ පර්ෆියුම් එකක් ගන්න වෙළෙඳපොළට යද්දී තීරණය කරලා ඉන්න ඡ්චභ ඤඥ බධඪතඥබබඥ එකක් ගන්නවද එහෙමත් නැත්නම් ඡ්චභ ඤඥ නඥපටභථඥ එකක් ගන්නවද කියලා. ඒ දෙකම හරිනැත්නම් ක්ලයිව් ක්‍රිස්ටියන් එකක් ගත්තත් කිසිම අවුලක් නැහැ.

Wmqgd .ekSu uu mqj;am; weiqfrks

More News »