එළවළු මිලෙහි සුළු අඩුවීමක්

2015-07-09 09:30:00       801
feature-top
ඉහළ ගොස් තිබූ එළවළු මිල ගණන් මේ වනවිට යම් තාක් දුරකට පහළ යමින් තිබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණුකිරීම් ආයතනය පවසනවා. එම ආයතනය සඳහන් කළේ මේ වනවිට යළ කන්නයේ වගා කරන ලද එළවළු නිෂ්පාදන වෙළඳපොලට ලැබෙමින් පවතින බවයි. පසුගිය කාලසීමාවේදී එළවළු මිල ගණන් සීග්‍රයෙන් ඉහළ යනු ලැබුවේ දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන්. කෙසේ වෙතත් මේ වනවිට උඩරට වගා කරන ලද එළවළු වර්ග වැඩි වශයෙන් ආර්ථික මධ්‍යස්ථාන වෙත ලැබෙමින් පවතින බවයි වාර්තාවන්නේ. පසුගිය සති කිහිපය තුළදී උඩරට වගා  කෙරෙන එළවළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 150 ත් 200 ත් අතර මිලක පැවතුණා.



More News »