විශේෂ පළතුරු ප්‍රවර්ධන සතියක්

2015-07-10 10:01:00       807
feature-top
අද (08) සිට 12 වන දා දක්වා විශේෂ පළතුරු ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ආහාරයට ගත හැකි පළතුරු වර්ග 200ක් පමණ පවතින රටක් ලෙස ශ්‍රී ලංකාව සැලකුනත් ඒ පිළිබදව ජනතාව දැනුවත් නොවීම නිසා මෙවැනි ප්‍රවර්ධන සතියක් ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සදහන් කළේ. මෙරට හෙක්ටයාර එක්ලක්ෂ 50,000ක් පුරා පළතුරු වගාව පැතිරී තිබෙන අතර, ඉන් සියයට 90ක්ම ගෙවතු ආශ්‍රීතව පැවතීම විශේෂත්වයක්. වාණිජමය කර්මාන්තයක් ලෙස පළතුරු වගාව යොදා ගැනීමේ ක්‍රමවේද පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ද අදින් ඇරඹෙන පළතුරු ප්‍රවර්ධන සතියේදී සිදුකෙරෙනු ඇති.


curtesy : hirunews



More News »