වතු වර්ජනයෙන් තේ වෙන්දේසියට බාධා

2015-07-11 09:49:00       800
feature-top
වතු කම්කරුවන් ආරම්භ කර ඇති සෙමෙන් වැඩකිරීමේ වෘත්තීය ක‍්‍රියාමාර්ගය හේතුවෙන් වෙන්දේසිය සඳහා උඩරට තේ නිකුත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව වතු හාම්පුතුන්ගේ සංගමය පවසනවා. කන්ද උඩරට ප්‍රදේශවල තේ කිලෝග්‍රෑම් මිලියන 7 ක් මසකට නිෂ්පාදනය කරන අතර එය අද වනවිට 20% දක්වා අඩුවී ඇති බවයි හාම්පුතුන්ගේ සංගමය සඳහන් කළේ. වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් තේ වතු කම්කරුවන් ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයට අදට දින 4 ක් ගතවනවා. මධ්‍යම කඳුකරයේ බොහෝ වතුවල අද දිනයේද තේ දළු නෙළීම සිදු නොවන බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ. වතු කම්කරුවන් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කරන තුරු තේ කර්මාන්තශාලා වසා දැමීමට වතු අධිකාරීවරුන් ඊයේ තීරණය කළා. කෙසේ වෙතත් ඊයේ දිනයේදී වතු කම්කරුවන් නෙළන ලද තේ දළු කර්මාන්තශාලා ඉදිරිපිටට ගෙන ගොස් ගොඩගසා තිබූ බවයි වාර්තාවන්නේ.

curtesy : Hiru News


More News »