සෙමෙන් වැඩ කිරීම කොළඹ තේ වෙන්දේසියටත් බලපායි

2015-07-18 10:16:00       808
feature-top
පසුගිය දින 10ක් පුරා ක්‍රියාත්මක වූ තේ වතු කම්කරුවන්ගේ සෙමෙන් වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ තේ වෙන්දේසියට තේ තොග ලබාදීමේ ගැටළුකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. වැවිළිකරුවන්ගේ සංගමය සදහන් කළේ පසුගිය දින කිහිපය තුළ දළු නෙලීම සිදුනොකිරීම නිසා නිසි ප්‍රමිතියෙන් යුතු තේ දළු ලබාදීමට නොහැකි වී ඇති බවයි. එමෙන්ම සතියකට වැඩි කාලයක් තේ කර්මාන්ත ශාලා වසා දැමීමට සිදුවීම නිසා මෙම තත්ත්වය තවත් එක් හේතුවක් වී ඇති බවයි එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, පසුගිය කාලසීමාවේදී තේ වෙන්දේසිය තුළ කිලෝග්‍රෑමයක් රුපියල් 450 ක මිලකට අලෙවි වූ අතර එය අද වනවිට රුපියල් 360 දක්වා පහත බැස ඇති බවයි වතු හාම්පුතුන්ගේ සංගමය සඳහන් කළේ.

curtesy - hiru news


More News »