එළවළු මිල ගණන් පහළට

2015-07-27 10:48:00       801
feature-top
වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් පහළ ගොස් ඇතැයි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පවසයි.

එහි අලෙවි, ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ අංශ ප්‍රධානි ඩබ්ලිව්.එච්. දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසුවේ, බෝංචි, කැරට්, මාළුමිරිස් හා අමුමිරිස් යන එළවළු වර්ගවල මිල ගණන් හැරෙන්නට සෙසු පහත රට හා උඩරට එළුවළු මිල ගණන් පහළ ගොස් ඇති බව ය.

යල කන්නයේ අස්වැන්න මේ වන විට වෙළෙඳපොළ වෙත ලැබෙමින් පවතින බව ත් ඉදිරියේදී අපේක්ෂිත ඉහළ සැපයුමත් සමග සියලු එළවළුවල මිල ගණන් තව දුරට ත් පහළ යා හැකි බව ත් ඔහු සඳහන් කළේ ය

curtesy : Newsfirst.lk


More News »