කරපිංචා වල ඔබ හිතනවාට වඩා වෙනස් ගුණ කිහිපයක්

2015-10-08 10:14:00       940
feature-top
කරපිංචා කොළ කිහිපයක් ව්‍යංජනයට එකතු කරන්නේ ආහාරය රසගැන්වීමටයි.එහෙත් කරපිංචා කොළය පිගානෙහි ඉතිරිකොට අහක දමන පිරිස බොහෝය. ඒ සියලු දෙනා කරපිංචා ශාකයේ ගුණය හඳුනන්නේ නැත.මෙම ලිපිය කියවූ පසු ඔබ කරපිංචා වල ගුණ කොතරම්ද යන්න වටහා ගනී.

ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි

කොලෙස්ටර්රෝල් නම් ඔබට කරපිංචා දිව්‍ය ඖෂධයකි. එය ශරීරයේ මේද ප්‍රමාණය පහත හෙළයි. හෘද රෝග වළක්වා ගැනීමේ උපක්‍රමයක් ලෙස කරපිංචා විවිධ ආකාරයෙන් ආහාරයට එක්කර ගනී.
කරපිංචා කොළ හොඳින් වේළා මඳ පවනේ වේළන්න. එයට ඉගුරුපියලි කිහිපයක් එකතු කොට වතුර ස්වල්පයක් එක්කර තම්බා බොන්න.

කරපිංචා පොතු, මුල්, නැටි ගෙන අරළු, බුළු, නෙල්ලි සමග තම්බා පානය කරන්න.

කරපිංචා කොළ කොටා යුෂගෙන හීනැටි හාල් සමඟ මිශ්‍ර කොට තම්බා බොන්න.

කරපිංචා කොළ, උම්බලකඩ, රතුලූනු, පොල් දමා සම්බෝලයක් සේ සකස් කරගෙන ප්‍රධාන ආහාර වේල සමඟ ආහාරයට ගන්න.

කරපිංචා දළු සම්බෝලය හෝ ලුණු මිරිස, කරපිංචා ,සුදුලූණු සම්බෝලය ආදී වශයෙන් ආහාරයට එක්කර ගැනීම සුදුසු බව සඳහන් කළ හැකිය

රුධිරය පිරිසුදු වීමට උපකාරී වෙයි.

කරපිංචා පොතු, සුදුලූනු, උළුහාල්, ගම්මිරිස්, මිශ්‍රකොට තම්බා බොන්න.

කරපිංචා ලුනු වතුරෙන් සෝදා තෙලෙන් බදින්න. පසුව කිරි හොද්දක් සකස් කර එයට බැදගත් කරපිංචා දමා පිස ආහාරයට ගන්න.

විෂ නාශක ගුණය ඉහලයි.

සර්පයකු දෂ්ට කළ වහාම කරපිංචා කොළ කිහිපයක් කොටා යුෂ බීමට සැලැස්වීමෙන් විෂ නැසෙයි.සර්ප විෂවලදී කරපිංචා කොළ කැඳ බීමට දෙනු ලැබේ. මෙම විෂ නාශක ගුණය නිසාම මී විෂ, සෙංගමාලය වැනි අවස්ථාවලදීත් කොළකැඳ දීම සුදුසුයි.

සර්පයකු දෂ්ට කළ විට අපේ පැරැණියන් දුන්නේ කරපිංචා කැඳය. කරපිංචා කැඳ සාදා ගන්නේ කරපිංචා කොළ යම් ප්‍රමාණයකට සහල් සහ පොල් කිරි මිශ්‍ර කර පිළියෙල කර ගැනීමෙනි.

අද ද සර්පයකු දෂ්ට කළ විට කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු විස නැසීමේ මහගු ගුණය හේතුවෙනි. එසේම භූමිතෙල් වැනි ශරීරයට විස ගෙන දෙන ද්‍රව්‍යයන් ශරීරගත වූ විට ද කරපිංචා කැඳ බීමට දෙන්නේ කරපිංචා සතු එම විස නැසීමේ ගුණය නිසාය.

කරපිංචාවලින් සාදා ගන්නා සම්බෝලය ශරීරයට ඉතා ගුණ දෙන කොලෙස්ටරෝල් මේදය ශරීරයෙන් ඉවත් කිරීමේ හැකියාව ඇති ආහාරයකි.කරපිංචා කොළ, කොහොඹ කොළ, එළ මුත්‍රා සමඟ කොටා ඉස්ම පෙවීමෙන් විස නැසේ.

ස්නායු දුර්වල වීම, වායුගෙඩි හට ගැනීම සහ බඩදැවිල්ලට කරපිංචා කොළ, නැටි, පොතු, බාර්ලි වතුරෙන් තම්බා බොන්න.

අර්ශස්, මලපහ පහසුවට

කරපිංචා කොළ, කොහිල අල හීනියට කපා ගන්න. උළුහාල්, සුදුලූනු රතුලූනු දමා තම්බන්න. උදේ හිස්බඩට පානය කරන්න.

අකලට හිස කෙස් පැසීම කරපිංචා පෝෂ්‍ය ගුණය නිසා නතර වේ.
හිසකෙස් වර්ධනය කරයි.

පිපාසයට කරපිංචා කොළ වේළා කරාබු නැටි, කුරුඳු පොත්තක් සමඟ හොඳින් කුඩුකරගෙන, කෝපි මෙන් පානය කරන්න.

කෘමි කරදරේට කරපිංචා පැළයක් දොරකඩ සිටුවීමෙන් ඉන් වහනය වන සුවඳට කුරුමිණියන් වැනි කෘමීන් අඩුවේ.

ගැබිණි මවුවරුන්ට

කරපිංචා කොළ, ගම්මිරිස්, ඇට, ගොරකා කැබැල්ලක්, මිරිස් කරලක්, අඹරා කෑමෙන් ගර්භාෂයේ තෙතමනය අඩුවෙයි. දරුවා බිහි කිරීමේදී වේදනා ගතිය දුරුවෙයි.

කරපිංචා යොදා කරන කෙම්

ඇස්වල වේදනාවට

කරපිංචා කොළ, ‍දොඹ කොළ ගොටුකොළ තැඹිලි වතුරෙන් කොටා කතා නොකර උදෑසන 6.30 - 8.00 අතර විනාඩි 45ක් පමණ එය ඇස මත තබන්න. පසුව තැඹිලි වතුරෙන් සෝදා හරින්න. මෙය කතා නොකර සිදුකරන්න.

කක්කල් කැස්සට

කරපිංචා දලු කිහිපයක් කතා නොකර කැඩීමෙන් හින්දාගත් පොල්තෙල්වලට දමා නැවත මඳ පවනේ වේළා පපුව ප්‍රදේශයේ හා ඛෙල්ලේ තවරන්න.

නිය පිරිත්ත දියවීමට හා පැසවීම

කතා නොකර කරපිංචා නැටි ගලක තබා තළා දෙහි ඇඹුලෙන් උරගාන්න. එයට කොහොඹ තෙල් ස්වල්පයක් එකතු කොට එම නියට බඳින්න.

කල්ගිය හිසරදයට

කතා නොකර කරපිංචා දලු, කරාබුනැටි, ඉඟුරු, දෙහි ඇඹුලෙන් අඹරා කතා නොකර නළලට පැලැස්තරයක් මෙන් තබන්න.

කරපිංචා කැඳ ගුණයි.

අප දැන් කරපිංචා කැඳ සාදා ගැනීමට අවශ්‍ය දෑ විමසා බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය

කරපිංචා කොළ අවශ්‍ය පමණට

පොල් ස්වපල්පයක්

ලුණු

වතුර

සුදු ලූනු

උළු හාල් හැන්දක්

හකුරු


අඩංගු දෑ

ඛනිජ ලවන

ප්‍රෝටීන්

විටමින් A, ඊ, ක‍, ෘ, ෑ සහ ණ

කැල්සියම්

යකඩ


සාදන ක්‍රමය

ප්‍රථමයෙන් කරපිංචා කොළ ටික සෝදා පිරිසුදු කර බ්ලෙන්ඩරයට දමා එයට සුදු ළූණු, පොල් ස්වල්පයක් හා වතුර එක්කර බ්ලෙන්ඩර් කර පෙරා යුෂ සාදා ගන්න. කැකුළු සහල් ටිකක් ගෙන එයට උළුහාල් හැන්දක් ද දමා බත් තම්බා ගෙන එයට කරපිංචා යුෂ දමා මදක් රත් වූ හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න. එයින් වැඩි රසයක් ලබා ගත හැක. අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් නැති අයට පොල් නොදමා කැඳ සාදා ගත හැක.

කරපිංචාවල අගුණවන අවස්ථා අඩුය.සියලු දෙනාටම ගුණදෙන ඔසුවකි.

www.wishmaya.com


More News »