"සාර්ථකව තණ පලසක් වවා ගන්නේ මෙහෙමයි."

2017-10-04 11:52:00       61
feature-top
"මහා ඝන කැලෑවක් මැද ඉළුක් හෝ මානා හෙවිල්ලපු කටු මැටියෙන් හදපු අසපුවක තියෙන සුන්දරත්වය ගැන අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. හැබැයි අපි ජිවත් වන පරිසරයේ නිවෙසක වටපිටාව කැලෑ වැහෙන්න හැරියොත් අර අපුර්වත්වය ලබා ගන්න බැහැ. එය මවා පාන්නේ සපුරාම මුසල පෙනුමක්. එතැනදී අනුගමනය කරන්න වෙන්නේ වෙනම ක්‍රම වේදයක්. ඒ සඳහා තමයි කැළුම් වගේ පළපුරුදු උද්‍යානවේදීන්ගේ සහාය අපට අවශ්‍ය වෙන්නේ. පර්චස් තුන හතරක ගෙයක් හදා ගන්න හදාගන්න කෙනෙකුට ගෙඋයන සම්බන්ධයෙන් ලොකු දෙයක් කරන්නේ නැහැ. ඒ වගේම තමයි විශාල ඉඩමක වැඩි ඉඩක් වෙන් වෙන්නේ තණ පිටියට. ඔය මොන විදිහේ උද්‍යානයක් නිර්මාණය කලත් තණ කොළ වලට ඉහලම ප්‍රමිඛ තාවය ලැබෙනවා. මොන මොන ජාතියේ පාට පාට ගහ කොළ තිබුනත් විවෘත භුමියේ සාරවත් තණ පලසක් නැතිනම් ඒ ගෙඋයනේ ලකයක් නැහැ. ඔන්න ඔය කාරනා නිසාම අපි තීරණය කළා උද්‍යානයක් නිර්මාණය කර ගන්න ආකාරය පිළිබඳව පියවරෙන් පියවර ඔබට අවබෝධය ලබා දෙන්න. මේ වෙනකොටත් ඔබ ගෙමිදුලේ ගහකොළ වවලා නම් ඉතිරි වෙලා තියෙන්නේ තණ කොළ සිටුවා ගැනීම විතරනේ. ඒ නිසා අපි අද විමසා බලමු සාර්ථකවත්, නිවැරදිවත් තණකොළ වවන්නේ කොහොමද කියන කාරණය ගැන. මේ ගැන කිව්වාම ගුරු මුෂ්ටියකින් තොරව තමන් සතු දැනුම ඔබට ලබා දෙන්න කැළුම් එකඟ වුණා. ඉතින් කැළුම් කොහොමද? සාර්ථකව තණ පලසක් වවා ගන්නේ කොහොමද කියන කාරණය ගැන අපේ පාඨකයන් දැනුවත් කරන්නකෝ. "මුලින්ම ලංකාවේ වැඩිපුරම භාවිතා වන තණකොළ වර්ග මොනවාද කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉන් පස්සේ තමයි තමන්ගේ රුචිය අනුව තණකොළ වර්ග තෝරා ගන්න ඕනේ. හොදයි මොනවද ලංකාවේ බහුලවම භාවිතා වෙන තණකොළ වර්ග? බෆලෝ ග්‍රාස් තමයි ලංකාවේ වැඩිපුරම භාවිත වෙන්නේ. ඕස්ට්‍රේලියන් වැක්ස් වලටත් වැඩි ඉල්ලුමක් තියෙනවා. ඊට අමතර මැලේසියන් තණකොළ වලට තියෙන ඉල්ලුම වේගයෙන් ඉහලට එමින් තියෙනවා. කැළුම් තණකොළ ගැන කතා කරද්දී ඔබටම ආවේනික වුන රහසක් තියෙනවා නේද? ඒ ගැන තාම අනාවරණය කරන්න සුදානමක් නැද්ද? එහෙනම් දියණිය තුළින් මුලින්ම ලෝකෙටම කියමු. මැලේසියන් ප්‍රභේදයේ වෙරිගේටඩ් එක තියෙන්නේ මං ළඟ විතරයි. මම අන්තර්ජාලය මගින් ලොකු විමර්ශනයක් කළා. මම හිතන විදියට ඒක තියෙන්නේ මා ළඟ විතරමයි. ඔය වර්ග තුන තමයි උද්‍යාන කලාවේදී ලංකාවේ බහුලවම යොදා ගන්නේ. ඔබේ අත්දැකීම වහෙම පළපුරුද්ද අනුව ලංකාවට වඩාත් ගැලපෙන්නේ මොන තණකොළ වර්ගයද? හොඳම එක තමයි බෆලෝ ග්‍රාස් ඒ වගේම මැලේසියන් ප්‍රභේදයත් හොදයි. ඕස්ට්‍රේලියන් ග්‍රාස් තාම හොඳ නඩත්තුවකින් පවත්වා ගන්න ඕනේ. නමුත් කාලයක් යනකොට මේ තණ විශේෂයේ මුල හරියේ කඳ කොටස මෝරන කොට තණ කොළ ගුලි වගේ උඩට එනවා. ඒ එක්කම වේ උවදුර බලපානවා. ඊ ලඟට ඒ වගේ තණ බිමක් කප්පාදු කරන කොට ඉස්සුණු කොටස් මුලින්ම කැපී යනවා. එතකොට උදුගොව්වෝ කෑවා වගේ තණ පිටියේ තැනින් තැන හිඩැස් පේනවා. ඒක හරිම අවලස්සනයි. තණකොළ යෙදීමේ විවිධ ක්‍රමවේද තියෙනවා නේද? ඔව්, පිලි ගැසීම, පදුරු ආකාරයට සැකසු තණ කොළ ෂිට්, පැළ සිටුවිම වගේම ඇට මගිනුත් මෙම කාර්යය ඉටු කරගන්න පුළුවන්. වඩාත්ම ප්‍රතිඵල දායක ක්‍රමය තමයි පිඩලි ගැසීම. මම කියන්නේ මගේ අත්දැකීම අනුවයි. හැබැයි වඩා විශාල ඉඩමක නම් පැළ සිටුවිම සේවා දායකයාගේ පැත්තෙන් ලාබයි. ඡායාරුපයේ තියෙන නිවෙස ඉදිරිපිට තණ පිටිය පර්චස් අනුවකට වැඩියි. ඒ නිසා මම කලේ බෆලෝ ග්‍රාස් සිටුවීමයි. ඉතාම හොඳ වර්ධන වේගයක් තියෙන නිසා භුමියේ පැතිරෙන්න වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. තණකොළ නේ කියලා බැහැ උදයානයකදී, වතුර, පොගොර, කෘමි නාශක ආදිය යොදන්න ඕන. ඒ වගේම නියමිත කාලයට කප්පාදු කරන්නත් ඕනේ. මෙහෙම හිතන්නකෝ, දැන් මට හිතෙනවා මේ ලිපිය කියවලා මිදුලේ තණ පිඩලි ගහන්න හරි හිටවන්න හරි. කොහෙන් හරි පිඩලි ටිකක් ගෙනැල්ලා මිදුලේ අල්ලන්නේ කොහොමද? එකෙත් ක්‍රම වේදයක් ඇති නේද? අනිවාර්යයෙන්ම තියෙනවා. මුලික කාරනාව තමයි තමන් තණ පලස නිර්මාණය කරන්න කැමති බිම් කොටසේ පස සකස් කර ගැනීම. එතැනදී ගල්, බොරළු බහුල පසක් නම් ඒ කැට කැබිලිති ඉවත් කරන්න ඕනේ. බිමේ අගල් පහක් පමණ ගැඹුරට පස කොටලා අඟල් කාලේ (1/4) දැලක් යෙදූ සල්ලඩයකින් පස් ටික හලා ගැනීම තමයි නිවැරදිම ක්‍රමවේදය. එමඟින් තණකොළ ශාකයේ මුල මණ්ඩලයට පහසුවෙන් පැතිරීමට ඉඩ ලැබෙනවා. මේ විදියට හලා ගත් පසට වර්ග මීටරයකට කොම්පෝස්ට් කිලෝග්‍රෑම් තුනක්, ගඟේ වැලි තාච්චි පහක් පමණ ප්‍රමාණයක් සමඟ කොහුබත් තාච්චි පහක් පමණ මිශ්‍ර කරලා නැවත අදාළ බිමේ පස තුනී කරන්න ඕනි. ඉන් පස්සේ පොළොව ඉහලට සමාන්තරව වතුර දමා තලා ගන්න ඕනේ. දින දෙකක් විතර තියලා ඒ පසේ මතුපිට අඟල් දෙකක පමණ ප්‍රමාණය බුරුල් කරලා ඒ මත තුනියට පැරැණි කොහුබත් තට්ටුවක් යොදන්න. දැන් තණ පිඩලි ඒ බිම මත අතුරා ජලය ඉස හොදින් තලන්න ඕනේ. එතකොට තමයි පිඩැල්ලේ පස පොළොව සමග හොදින් බද්ධ වෙන්නේ. මුළු භුමිය පුරා පිඩලි අල්ලලා තලලා සමාන්තර කර ගන්න ඕනේ. මේ පිඩලි ඇල්ලීම සවස් කාලයේ කරනවා නම් හොදයි. රාත්‍රිය මේ තැලුන තණ වලට හොද ජීවයක් ලබා දෙනවා. පසු දින උදේ ස්වල්ප වශයෙන් ජලය යොදන්න ඕනේ. ඔය විදියට සතියක් විතර යනකොට තණකොළ පසේ ස්ථාවර වෙනවා.

More News »