ඇන්තූරියම් වගාවේදී සෙවණ දැල් ගෘහයක්

2017-10-24 10:20:00       60
feature-top
සෙවණ දැල් ගෘහය සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු.

නිසියාකාර ප්‍රමිතියක් තිබිය යුතුයි.
අවට ඇති ගස්කොළවලින් හානි නොවිය යුතුය.
කල්පවත්නා ආකාරයට සැකසිය යුතුය.
හොඳින් අව්ව ඇති ස්ථානයක් විය යුතුය.
සෙවණ ගෘහයක් ඇතුළත පැවතිය යුතු තත්වයන්.

සෙවණ                              80%

ආලෝකය                          20%

පරිසර උෂ්ණත්වය  25 සෙන්ටිගේට් අංශක

ජලවාෂ්ප                            50%-10% ත් අතර

 

සෙවණ ගෘහයක ප්‍රමිතිය.

ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයක පවතින සෙවණ ගෘහයක තිබිය යුතු සම්මත ප්‍රමිතියක් ඇත. එනම් එම ගෘහයේ මුදුන අඩි 12 ක්ද පහත මට්ටම අඩි 09ක්ද වශයෙනි. මෙහි ආනතිය හෙවත් බෑවුම ඉතාම වැදගත් සාධකයක් වන අතර ආරුක්කු හැඩයටද මෙය සකස් කරනු ලබයි.  මෙහිදී විවිධ වර්ගවල සෙවණ දැල් තිබුණද වඩාත් යෝග්‍ය වනුයේ 80% කළු පැහැති ඊශ්‍රායල් වර්ගයේ සෙවණ දැල්ය. (මේ දැල් සඳහා වසර 10 වගකීමක්ද ලැබේ.) කළු වර්ණය යොදා ගනු ලබන්නේ උෂ්ණත්වය උරාගෙන ආලෝකය පමණක් ඇතුළට ලබා ගැනීම සඳහාය. ගැල්වනයිස් කරන ලද කණු මේ ගෘහය සෑදීම සඳහා යොදා ගත යුතුය. නැතහොත් කණු මළ බැඳීම සිදුවන අතර කාලයක් පාවිච්චි කල නොහැක. මේ කණු සවි කිරීමේදී අඩි 1 ½ ක් පොළව යටට කොන්ක්‍රීට් කර සවිකර ගත යුතු අතර, එවැනි සෙවණ දැල් ගෘහයක් වසර 10ක් පමණ අපහසුවකින් තොරව පවත්වා ගත හැක.  මෙසේ ගෘහය සාදා ගැනීමෙන් පසු, එය ඇතුළත හොඳින් සමතලා කර, වැලිදමා, හොඳින් තද කර සකස් කර ගත යුතුය.  අපනයන ඇන්තූරියම් වගාවේදී සෙවණ දැල් ගෘහය තුළ සකස් කරන ලද මල් සඳහා අධික ඉල්ලුමක් පවතී. මීට අමතරව මැස්සක් තනා ලණු පැදුරු වලින් සෙවණ ලබා දීමද සිදු කල හැක.  මේ සඳහා අඟල් ½ x½ වියන ලද ‍කොහු දැල් මිලදී ගත හැකි අතර ලූණු අසුරන මළුද භාවිතා කල හැක. පොළොවේ සිට අඩි 10-12ක් පමණ උසින් මෙම කොහු මැස්ස සකස් කළ යුතු අතර මේ සඳහා කළු තෙල් ආලේපිත ලී කණු භාවිතා කල යුතුය. කණු ඉක්මනින් දිරායාම වැලැක්වීමත්, ගුල්ලන් වැනි සතුන්ගෙන් වන හානි වැලැක්වීමත් කළු තෙල් ආලේප කිරීමෙන් බලාපොරොත්තු වේ. මෙම ලී කණු වෙනුවට කොන්ක්‍රීට් කණු වුවද භාවිතා කළ හැකිය. නමුත් එය මිල අධික ක්‍රියාවකි. කොහු ලණු දැල් මැස්සක් යෙදීමෙන් පහත සඳහන් ආකාරයේ වාසි ලබා ගත හැක.

මූලික ලෙස ලණු දැලට වැයවන මුදල අවම වීම.
සෙවණ ගෘහය සෑදීමේ පහසුම ක්‍රමයක් වීම.
කොහු ලණු මැස්සක් මුල් තත්වයෙන්ම මාස 06ක් පමණ පවත්වාගත හැකිවීම.
ඒකාකාරී සෙවණක් ඇන්තූරියම් වගාවට ලැබීම.
 ඉහත තොරතුරු මනා ලෙස ක්‍රියාවට නැංවුවහොත්, ඔබටත් ඇන්තූරියම් වගාවේ සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැක.

courtesy: minisilu.com


More News »