පිපිඤ්ඤා රුව හැඩකරයි

2017-12-05 11:55:00       58
feature-top
උණුසුමින් ගත පිළිස්සී යන කාලයක පිපිඤ්ඤා ගෙඩියක් සිහියට නැගුණත් සිතට දැනෙන්නේ සිසිලසක්. සලාදයක්, ව්‍යාංජනයක් පමණක් නොව අච්චාරුවක් ලෙසින් ද පිපිඤ්ඤා වැඩි වැඩියෙන් බත් පතට එක් කර ගැනීමට ගෘහණියන් උනන්දු වෙන්නේ එය සිසිලස ගෙනෙන රසබර එළවළුවක් නිසා පමණක්ම නොවෙයි.පිපිඤ්ඤා කෙරෙහි කාන්තාවන් මෙතරම් හද බැද ගැනීමේ රහස සොඳුරු රුවක් පවත්වා ගෙන යාමට අවශ්‍ය ඖෂධීය ගුණය එහි පැවතීමයි.මෙම එළවළුව වතුර ගොඩක් කියා සිතුව ද ජලයට අමතරව තවත් වටිනා පෝෂක මෙහි අඩංගුව තිබෙනවා. පිපිඤ්ඤාවල ඇති ඇස්කෝබික් අම්ලය (විටමින් සී) හා කැෆෙයික් අම්ලය අපේ සමට අත්‍යාවශ්‍ය අම්ලය. සම මෘදුව තබා ගැනීමටත් සමෙහි ඇතිවෙන ඉදිමුම් අඩු කිරීමටත් මේ සංයෝග උපකාරී වෙනවා.පිපිඤ්ඤා මදයේ වගේම පොත්තේ ද කෙඳි හා පොටෑසියම්, මැග්නීසියම්, සිලිකා වැනි ඛනිජ ලවණ අඩංගුව තිබෙනවා.

සම රැකීමේ රහසමාංස පේශි, සම්බන්ධක පටක, අස්ථි බන්ධන, කාටිලේජ හා අස්ථි පටකවලට අවශ්‍ය සිලිකා පිපිඤ්ඤාවල හොඳින්ම අඩංගුයි. සම නීරෝගීව පැහැපත්ව පවත්වා ගැනීමට කැමැති නම් පිපිඤ්ඤා යුෂ පානය කරන ලෙසට උපදෙස් දෙන්නේ එහි අඩංගු සිලිකා සංයෝගය නිසයි.පිපිඤ්ඤා අඩංගු ස්වභාවික ජලය සමෙහි තෙතමනය සුරකියි. සමෙහි ඔපවත් බව ද ස්වභාවික ජලය නිසා වැඩි වෙයි. විවිධාකාර සමෙහි රෝගවලට සොබා දහමින් දායාද කර ඇති මේ අපූරු ගෙඩි වර්ගය හිරු එළියෙන් පිළිස්සුණු සමට හොඳ ඖෂධයක්. ඒ වගේම ඇස් යට ජලය එක් රැස් වී ඇස් යට ඉදිමීම ද එමඟින් නැති කර ගන්න පුළුවන්. පිපිඤ්ඤාවල අඩංගු ඇස්කෝබික් අම්ලය හා කැෆෙයික් අම්ලය සිරුරේ අනවශ්‍ය අන්දමින් ජලය එක් රැස්වීම වළක්වනවා.

අධික රුධිර පීඩනයට ඔසුවක්කෙඳි, පොටැසිම්, මැග්නීසියම් සපිරි පිපිඤ්ඤා සතුව අධික රුධිර පීඩනය අඩු කිරීමේ ගුණය ද තිබෙනවා.
තෝරා ගැනීමපිපිඤ්ඤා උණුසුමින් අප මුදවා ගත්තත් එය උණුසුමට ඉතා සංවේදියි. මේ නිසා පිපිඤ්ඤා මිල දී ගැනීමේ දී සිසිල් පරිසරයක ගබඩා කළ පිපිඤ්ඤා මිල දී ගන්න. දෙකෙලවරින් ඉතා රවුම් වූ ඔප ගතියෙන් යුතු පිපිඤ්ඤා හොඳ තත්ත්වයෙන් පවතිනවා. රැළි වැටුණු පැල්ලම් හැදුණු පිපිඤ්ඤා මිල දී ගනු එපා. දින කිහිපයක් පිපිඤ්ඤා ශීීතකරණයේ තබා ගැනීමට පුළුවන්.

අඩංගු පෝෂ්‍ය පදාර්ථපිපිඤ්ඤා ජලය පමණක් නොව තවත් බොහෝ පෝෂ්‍ය පදාර්ථ අඩංගු එළවළුවක් බව ඔබ දන්නවා. ලෙල්ල සමග පෙති ගැසූ පිපිඤ්ඤා කෝප්පයක පහත දැක්වෙන පෝෂක අඩංගුයි.විටමින් සීවිටමින් ඒපොටෑසියම්මැංගනීස්ෆෝලේට්කෙඳිමැග්නීසියම්ට‍්‍රයිප්ටොපන්දකුණු ආසියාව නිජ බිම කර ගත් පිපිඤ්ඤා බත් පතට වගේම පැහැපත් රුවකට ද නැතිවම බැහැ.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »