නිවසට සෞභාග්‍ය ගෙනෙන කොහොඹ

2017-12-11 10:49:00       109
feature-top
අප රටේ ඈත අතීතයේදී නිවසට සෞභාග්‍ය ගෙනෙනවා යන අදහසින් ගෙමිදුලේ අලංකාර ලෙස සිටවන ලද ශාකය නම් කොහොඹ ශාකයයි. මෙම ශාකයේ ස්වභාවය ඉතා ඍජු ලෙස උසට වැඩෙන අතර අතු විහිදී වැඩෙති. මෙහි විශේෂත්වය නම් පති‍්‍රකා කොටස් වලට බෙදී කැඩුණු ස්වභාවයක් උසුලයි. තවද අතු අගදී අතු කිනිති ඉතා ළඟින් පිහිටා ඇත. මෙහි මල් සුදුපාටින් පොකුරු ලෙස හැදෙනු ලබයි. සෙ. මීටර් 1 - 2 පමණ වන ගෙඩි හට ගනී. තවද මෙම ගෙඩි ඉදුණු පසු කහ පැහැයෙන් යුක්ත වේ.අප රටේ වියළි කලාපයේ බහුල ලෙස මෙම ශාකය දක්නට ලැබෙන අතර තෙත් කලාපයේ දැකීමට හැකි වේ. Azadiracta Indica  (ඇස්ඩිරැක්ටා ඉන්ඩිකා) යන උද්භිද නාමයෙන් හඳුන්වයි. මෙම ශාකය ආසියාතික රටවල් මවුබිම කර ගනිමින් බහුල ලෙස දක්නට ලැබේ.ඈත අතීතයේ සිට කොහොඹ ශාකය ඖෂධයක් ලෙස භාවිතා කොට ඇත.

වසංගත රෝගවලදී නිවසේ කොහොඹ අතු එල්ලා තබන අතර පැපොල වැනි ලෙඩ රෝග වලදී නිදා ගන්නා ඇඳ මත අතුරා තබයි. තවද කොහොඹ කොළ තම්බා නෑම හා කොටන ලද ඉෂ්ම ජලය සමඟ මිශ‍්‍ර කර ස්නානය කරනු ලබයි.ඉන්දියාවේ උෂ්ණ කාලවලදී කොහොඹ කොළ අව්වේ වියළා කුඩු කර තද බල උෂ්ණ කාලයේ බීමට ගනු ලැබේ. එමගින් ශරීරයේ උෂ්ණත්වය සමනය වේ. කොහොඹ ගෙඩි හැර අනෙකුත් ශාක කොටස් තිත්ත රසින් යුක්ත වේ. එහෙත් කොහොඹ ගෙඩි කුරුල්ලන්ගේ හා ලේලුන්ගේ ප‍්‍රියතම පලතුරකි. කොහොඹ ගෙඩියේ ලොඳ තිත්ත රසින් හා පැණි රසකින් යුක්තය. ඖෂධයක් ලෙස කොළ පොතු මුල් හා ගෙඩි භාවිතයට ගනු ලබයි.ඖෂධයක් ලෙස ඇස් සෙදීමට ගනු ලබන අතර සෙම් රෝගවලට හා උණ රෝග සුවකරනු ලැබේ. තවද පණුවන් නැසීම මෙන්ම ලේ පිරිසුදු කිරීම මෙම ඖෂධ භාවිතයෙන් සිදුවේ. අත් බෙහෙත් ලෙස කල්ගත වූ මැලේරියාව සුව කිරීමට හා පොතු කර බීමෙන් අර්ශස් රෝග සුව වේ. තුවාල හා කුෂ්ඨ කොහොඹ කොළ තම්බා සේදීම හා කොළ කොටා තුවාලවල බැඳීම ද සිදුවේ. කොහොඹ කොළ කොටා හිස හා ශරීරයේ ගැල්වීමෙන් ලෙඩ රෝගවලින් ආරක්‍ෂා කරනවා මෙන්ම රූප ස්වභාවය ද ආරක්‍ෂා කරනු ලබයි. ලප මැකීයාම හා අළුහම් මැකී යාම ද මෙමගින් සිදුවේ.කොහොඹ ශාකය අඩි 20 - 30 ක් පමණ උසට වැඩෙන අතර හොඳින් වැඩුණු ශාකයක් වර්ෂයක දී එක් අවස්ථාවක හෝ අවස්ථා දෙකක දී බීජ ලබා ගැනීමට හැකිවේ. වයස අවුරුදු 10 - 15 අතර කාලයේ බීජ කිලෝ 20 - 50 ක් පමණ කඩා ගැනීමට හැකිවේ. මේ ශාකයේ ලීය ගෘහ භාණ්ඩ සෑදීමට ගනී. කොහොඹ ශාකයේ සෑම කොටසක්ම ජීව විද්‍යාත්මකව කිසියම් කාර්යයක් සඳහා යොදා ගැනීමට හැකිවේ.සෑම විෂක් නැසීමට කොහොඹ ඖෂධයට හැකියාව ඇත. මිනිසාගේ උපතේ් සිට මරණය දක්වා වූ සෑම අවස්ථාවකම ජීවන හුස්ම දෙන ඖෂධයක් ලෙස හැඳින්විය හැක.


More News »