වැල් දොඩම් වගාව

2017-12-21 11:13:00       285
feature-top
පැළ සිටුවා ඇති පේළියට සෙන්ටිමීටර් 30 පමණ ඉදිරියෙන් සෑම පැළ දෙකක් අතරින්ම ශක්තිමත් ආධාරක කණුවක් බැගින් සිටුවීමෙන් පැළය ශක්තිමත් වේ. පැළ සිටුවා ඇති පරතරයට සමාන පරතරයක් ආධාරක කණු දෙකක් අතර ද පවත්වා ගෙන යන්න. මේ සඳහා කොන්ක්‍රීට් කණු හෝ ලී දඬු යොදා ගත හැකියි. එම කණුව උස කොන්ක්‍රීට් දෙකහමාරක් පමණ වේ

කම්බි ඇඳීම

වැල්වල පහසුව සඳහා කම්බි ඇඳීම ඉතාමත් වැදගත්වේ. මේ සඳහා පොළව මට්ටමේ සිට මීටර් එකයි හතරෙන් තුනක් පමණ ඉහළින් ආධාරක කණුවලට තදින් සිවන සේ පේළිය දිගේ කම්බි අඳින්න. තැනිතලා බිමක වගා කරන විට කම්බි ඇදිය යුත්තේ නැඟෙනහිර සහ බටහිර දිශාව ඔස්සේය. එවිට වගාවට හොඳින් හිරු එළිය ලැබේ.

වැල් පුහුණු කිරීම

ළපටි වැල් කම්බි දක්වා වර්ධනය වීමට උපකාර වනු පිණිස දිගු කෝටුවක් හෝ පාහින ලද පොල් අතු ආධාරක් යොදා ගන්න. නැතහොත් පැළය අසල කුඩා කෝටුවක් සිටුවා එහි ගැට ගසන ලද ලණු පොටක් කම්බිය දක්වා අඳින්න. කම්බිය දක්වා තනි කදක් ලෙස වැලට වර්ධනයවීමට සලස්වන්න. කම්බියට පහළින් ඇති වී ඇති පාර්ශවික වැල් සියල්ල ඉවත් කරන්න. මෙලෙස කරන්නේ වැලට නිදහසේ වැඩීමට සැලැස්වීමටය. මෙලෙස වැල කම්බිය තෙක් වැඩෙන්නට සැලැස්සූ විට අග්‍රස්ථය කඩා පාර්ශවික ශාඛා දෙකක් විරුද්ධ දිශාවලට යෑමට සලස්වන්න. මේ ආකාරයට කම්බිය දිගේ මීටර් දෙකක් පමණ දිගේ වැඩුණුපසු අග්‍රස්ථය කපා දමන්න. එවිට මල් හටගෙන ද්විත්ව රිකිලි හටගැනීම හොඳින් සිදුවේ

මල් පරාගණය කිරීම

වාණිජ පරමාර්ථයෙන් වගා කරන්නේ නම් වැල් දොඩම් වගාවට කෘත්‍රිම පරාගණය ඉතාමත් අවශ්‍ය වේ. දම් පැහැති ප්‍රභේදය ස්වපරාගණයෙන් ඵල හට ගැනීමේ හැකියාව ඇතත්, කහ පැහැති ප්‍රභේදයට ස්වපරාගණයෙන් ඵල හටගැනීමට ඇති ඉඩකඩ ඉතාමත් අඩුය. මේ නිසා කහපැහැති ප්‍රභේදයේ ගෙඩ හට ගැනීම සඳහා වෙනත් ප්‍රභේදයකින් පරාගණය වීම අවශ්‍ය වේ. ස්වාභාවිකව මේ ඵල පරාගනය වන්නේ අම්බලන්පාළුවා නම් කෘමි විශේෂය මඟිනි. මල් පිපිමේදී මලේ කලංකය ඍජු අතට තිබෙන නමුත් මල පිපී පැයකට පසු එය යට පැත්තට හැරීම දක්නට ලැබේ. මෙවැනි අවස්ථාවේ මලේ පරාගණය හොඳින් සිදුවේ. කෘමීන් මඟින් පරාගනය සිදුනොවන අවස්ථාවලදී අප විසින් ම කෘතීම පරාගනය කළ යුතුයි.

ජල සම්පාදනය හා රෝග පාලනය

වැල අවට පසෙහි තෙතමන ආරක්ෂා කර ගැනීම සඳහා කොහුබත් වියළි තණ කොළ ආදිය යොදා ගැනීමට හැකියාව තිබේ. මේ නිසා වැල අවට හැකි පමණ තෙතමනය රඳා පවතින ද්‍රව්‍යය යොදා ගත යුතු වේ. ජල හානිය ඉතාමත් පරික්ෂාකාරීව සිදු කරනවා මෙන්ම කෘමි හානි පිළිබඳ ද අවබෝධයක් තිබිය යුතුය. කූඩිත්තා වැල් දොඩම් ශාකයේ යුෂ උරා බොන අතර ශාකයට හානි කරයි. මේ සඳහා ග්රිඩීසියා ,පොඩිසිඤ්ඤො , වතු පාළු වැනි වැල් වර්ග යොදන්න. මේ නිසා කූඩිත්තන්ගේ පැමිණී වළක්වා ගැනීමට අවස්ථාව ලැබේ. කෘමි උවදුරු හැරුණු විට වැල් දොඩම් විචිත්‍ර වෛරස් රෝගය ද වැල් දොඩම් වගාවට හානි ඇති කරයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »