2018-03-13 11:45:00       369
feature-top
ලංකාවේ නිජබිම නොවූවත් අප රට නිජබිම කර ගනිමින් දුවේ පුතේ අප රටේ ජනකතා අතරට එක්වන පාරම්පරික වෙදකමට මෙන්ම පෝෂ්‍යදායී එළවළුවක් වූ පුහුල් පිළිබඳව ඔබගේ ලිපිගොනුවට ඇතුළු කිරීමට මෙසේ ඔසු උයනේ වගතුග ලියමි.ජාවා රට නිජබිම කර ගනිමින් මෙම ශාකය කෝෂනකි කුලයට අයත් වේ. සිංහල භාෂාවෙන් අප පුහුල් යනුවෙන් ද දෙමළ භාෂාවෙන් පුෂ්නිකායි කාලයාන් යනුවෙන් ද හඳුන්වයි. මෙම ශාකයේ විශේෂත්වය විශාල ප‍්‍රදේශයක් පුරා පැතිර පැවතීමයි. ඒ මෙන්ම මෙම ආරෝහණ ශාකයේ වැලේ කඳ බූවකින් වෙලී පවතියි. එමෙන්ම මෙහි හට ගන්නා මුල් ඉතා විශාල වේ. මෙම පුහුල් ගෙඩිය සෙන්ටි මීටර් 30 - 45 පමණ දිගට වැඩුණු ගෙඩියකි. විශේෂයෙන් වියළි කලාපයේ සරුවට වැඩෙන අතර වර්ෂා කාලයේදීද වගා කෙරේ. මුළු වර්ෂය පුරා වුවද වගා කරනු ලැබේ.වගාකිරීම සඳහා අවශ්‍ය පැළ සකස් කර ගනු ලබන්නේ බීජ මගිනි. හොඳින් පැසෙන ලද ගෙඩියේ පිට පැත්තෙහි ඇති අළු ඉවත් වූ ගෙඩි ඉතා සුදුසු වේ. ගෙඩියෙන් ලබාගන්නා ලද බීජ හොඳින් වේලා රෙදි කඩක් ඔතා මාසයක් පමණ නිවසේ තබා සිටවීම ගම්වල කෙරෙන සාමාන්‍ය ක‍්‍රමය වේ. මෙම ශාකයේ මල් පිපී මාස 3 - 4 ක් පමණ කාලයක් ගත වීමෙන් පුහුල් ගෙඩි මෝරා, කැඩීමට සුදුසු තත්ත්වයක් උදාවේ. මෙහි පත‍්‍රයක විශාලත්වය සෙන්ටිමීටර් 7 සිට 10 ක්්පමණ වේ.මෙම ශාකය සිටවීමේදී සෙන්ටි මීටර් 30ය30 ගැඹුරු වළවල් හා මීටර් 3 - 5 අතර දුරින් සිට වීම සුදුසුවේ. මේ සඳහා  කොම්පොස්ට් පොහොර සමග අළු මිශ‍්‍ර කිරීමෙන්ද සිදුකළ හැකිය. බීජ සිටවා දින 14 කින් පසු බීජ පැළවීම සිදුවේ. පැළවී දින 10 කින් පසු පැළ මුලට පස් දමා වැල් යැවීම ක‍්‍රමවත්ව සිදු කිරීමෙන් අස්වැන්න වැඩිවීමට හේතුවේ.මෙම ශාකය සංරක්ෂිත ස්ථාන වශයෙන් පේරාදෙනි උද්භිද උද්‍යානය නාවින්න බණ්ඩාරනායක අනුස්මරණ ආයූර්වේද පර්යේෂණායතන බත්ගොඩ පල්ලෙ කැලේ ගිරාදුරු කෝට්ටේ යන ඔසු උයන්වල වගා කෙරේ. ශාකය ජාවා රට නිජබිම වී ඇති අතර ඉන්දියාව හා නිරිතදිග රටවලද සාර්ථකව වගා ;කරේ.පුහුල් ගෙඩියේ අඩංගු පෝෂ්‍ය පදාර්ථ නම්, පුහුල් ග‍්‍රෑම් 100 ක,ජලය සියයට 96.2 ක් දපෙ‍්‍රීටීන 0.4 ක් දනිකොටින් අම්ලය මිලි ග‍්‍රෑම් 0.2 ක්දකැල්සියම් මිලි ග‍්‍රෑම් 1.00 ක්දතයමින් මිලි ග‍්‍රෑම් 3.0 ක්්දවිපොබ්ලේවින් 0.3 ක්දකැරොටීන් මයික්‍රො ග‍්‍රෑම් 5.0 ක්දඛනිජ 0.3 ක්දජීවන්ති 1.8 ක්ද පමණ වේ. දුවලා, පුතාලා සිතන්නෙ නැතිව ඇති පුහුල් ගෙඩියක මේතරම් පෝෂ්‍ය ගුණයක් ඇතැයි කියා. තවද මෙම ශාකය අපට දේශීය බෙහෙත් වට්ටෝරුවට නැතුවම බැරිය. මෙහි කොළ, ගෙඩි, මල් ඇතුළු සියලුම දෑ බෙහෙත් ලෙස ගනු ලබයි. මෙම ශාකය තුළින් බෙහෙත් වට්ටෝරු පිත වැනි අවස්ථාවල හා උෂ්ණය මර්දනයට, පීනසට, මූත‍්‍රා අමාරු හා ක්‍ෂය රෝගය යනාදී රෝග සඳහා විශේෂයෙන් මහා මෙහෙයක් සිදුවනවා කිවහොත් ඔබට පුදුම සිතෙයි.

එපමණක් නොව පිලිස්සුම් තුවාල සඳහා පුහුල් මද හා පත‍්‍ර ඇල් වතුරෙන් අඹරා ගෑමෙන් විෂ නැසෙනවා. තවද පුහුල් ඇට යොදා සකස් කරන ලද තෙල් හිස ගැල්වීමෙන් පිත්තජ ශීරෝ රෝගයට සුවය ලැබේ. ශරීරයේ දැවිල්ලට හා විෂට අළු පුහුල් දඬු තම්බා කෂාය වශයෙන් සකස් කර ගිතෙල් සමඟ පානය කිරීම ඉතා සුදුසු වේ.පුහුල් දෝසි සෑදීමට විශේෂයෙන් පුහුල් උපයෝගී කර ගනු ලබන අතර පුහුල් ඇට යොදා ගැනීමෙන්ද සිදුවේ. දුවේ පුතේ අපගේ දෛනික ජීවිතයේ දී ඇතිවන අදෘශ්‍යමාන බලවේග වලදී, හදි හූනියම් නිවාස ආරක්‍ෂා කිරීම වැනි දෑ වලදී විශේෂයෙන් පුහුල් අත්‍යවශ්‍ය වේ.  තවද නව නිවසක් ගොඩ නැගීමේදී නිවසේ වැඩ අවසන් වනතුරු හා ඉන් අනතුරු හා ඉන් අනතුරුව ද ඇස්වහ කටවහ වදිනවා යන සිතුවිල්ලේදි මෙම පුහුල් ගෙඩිය හොඳින් දැකීමට හැකි ස්ථානයක එල්ලනු ලබයි. ඉන් නිවසට දියුණුව හා ආරක්‍ෂාව සැලසේ යැයි අප රටේ විශාල විශ්වාසයක් පවතියි.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »