පටක රෝපණයෙන් තුඹ වගාව දුබල එළවළුවකින්

2018-03-20 11:35:00       325
feature-top
වෙළඳපොළේ දුලබ එළවළුවක් සේ දකින්නට ලැබෙන, තිත්ත රසයක් නොමැති නිසා සෑම වයසකම අයෙකුට එකසේ ආහාරය ගත හැකි දියවැඩියා හා ආමාශ වන සුව කිරීමේ හැකියාවක් ඇතැයි සැලකෙන තුඹ කරවිල භෝග වගාව ව්‍යාප්ත කිරීමේ බලාපොරොත්තුවෙන් බණ්ඩාරවෙල කහගොල්ල කෘෂි පර්යේෂන ආයතනය පටක රෝපණ තාක්ෂණය ඔස්සේ සාර්ථක අත්හදා බැලීමක නිරතව සිටී.අරලගන්විල කෘෂි පර්යේෂණ ආයතනයේ සහය ලබා ගෙන මෙම පර්යේෂණ කටයුතු පවත්වයි. එනම් මෙම පර්යේෂණයට අවශ්‍ය තුඹ කරවිල පටක හා එම අත්හදා බැලීම සඳහා අරලගන්විල කෘෂි පර්යේෂණ ආයතනය දායක වී ඇත.තුඹ, කරවිල ශාඛයට අයත් වුව ද තිත්ත රසයක් නොමැති අතර පහත රට වියළි කලාපයේ හේන් වගාව ආශි‍්‍රතව මෙම එළවළුව දකින්නට ලැබේ.වසරකට එක කාලයක වෙළඳපොළේ දකින්ට ලැබෙන මිල අධික එළවළුවක් හැටියටත් තුඹ කරවිල හැඳින්විය හැකිය.කාබනික ද්‍රව්‍ය බහුල හොඳින් ජලය බැස යන පසේ වගා කිරීමට සුදුසු ය.ගෙඩිවල හැඩය අනුව අණ්ඩාකාර, සිලින්ඩාකාර සහ ගෝලාකාර යන ප‍්‍රභේද ඇත. මෙම තුඹ කරවිල තුම්බිකා, ගෝලිකා, විසල්, කේශර හා පැරකුම් වශයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වර්ගීකරණය කර තිබේ. තුඹ කරවිල ගෙඩි හට ගැනීමට නම් ජායාංගනී (ගැහැණු වැල) පුමාංගී (පිරිමි වැල්) යන දෙවර්ගයම 1:1 අනුපාතයෙන් තිබිය යුතුය.වැල් කැබලි මුල් ඇද්දවීමෙන් පහසුවෙන් පැළ ලබා ගත හැකි වේ. මේ සඳහා අග‍්‍රස්ථ කොළ පාටින් යුත් වැල් කැබලි පුරුක් 2 - 4 සිටින සේ කපාගත යුතු වේ. එසේ කපා ගත් වැල් කැබලි රෝපණ මාධ්‍යයක සිටුවා ගත හැකිය. රෝපණ බඳුන් ලෙසින් සෙ. මී. 15 පළල ගේජ් 150 කළු පොලිතින් භාවිතා කළ හැකි වේ. මෙසේ සකස්කර ගත්්රෝපණ මාධ්‍යයක උස සෙ. මී. 15 වන සේ දහයියා අගුරු ගොම පොහොර හා හුඹස්මැටි (මතුපිට පස් ද ගත හැක) 1:1:1 යන අනුපාතයට සකස් කළ මිශ‍්‍රනය බහා කපාගත් තුඹ කරවිල වැල් කැබලි සිටුවිය හැකිය.අල මගින් ප‍්‍රචාරණය කිරීමේදී පෙරකන්නයේ වැලකින් මාස 04 ක් පමණ වන සුජත (අකි‍්‍රය) කාලය ගතවීමට හැර ලබාගත් අලවල ඇස් කිහිපයක් කපා ඉවත් කරගෙන වැලිතවානක සිටුවීම අවශ්‍ය වේ. සති 02 කින් පමණ අංකුර මතුවීමෙන් පසු ඉහත සඳහන් වගා මාධ්‍යයක සිටුවීමට හැකිය.පටක රෝපණය තුළින් විශාල ලෙසින් පැළ නිපදවා ගැනීමට හැකිය.සෙ. මී. 20 සිට 30 අතර ගැඹුරකට පස පෙරළා සකස් කර ගත් වගා භ®මියේ සෙ. මී. 30 බැගින් දිග, පළල හා ගැඹුරු වලවල් පේලි අතර සෙ. මී. 1.5 හා පේලි අතර මීටර් 01 ක පමණ දුරකින් කපා ගත යුතු වේ.වලවල් සැකසීමේ දී කාබනික පොහොර වලට අමතරව පහත සඳහන් අන්දමට රසායනික පොහොර ද යෙදිය යුතුවේ.මූලික පොහොර ලෙසින් හෙක්ටයාර් එකකට යූූරියා කි. ග‍්‍රෑ. 75 යි, ති‍්‍රත්ව සුපර් පොස්පේට් කි. ග‍්‍රෑ. 200, මියුරිසෙට් ඔෆ් පොටෑෂ් කි. ග‍්‍රෑ. 65 ක් භාවිතා කළ යුතුවේ. වගාවට සති 2 - 4 ක කාලයක් ගත වෙද්දී යූූරියා කි. ග‍්‍රෑ. 75 ක් හා මියුරිසෙට් ඔෆ් පොටෑස් කි. ග‍්‍රෑ. 65 ක් යෙදිය යුතුය.මෙසේ සිදු කළ වගාවට නිසි ලෙසින් ජලය සැපයි යුතු වේ. නමුත් පසෙහි අනිසි ලෙස ජලය රඳවා තැබීම සුදුසු නොවේ.එපිලැක්කා නැමැති කීට උවදුර සඳහා ට‍්‍රයික්ලොර්ෆොන් මි. ලී. 30 - 40 වතුර ලීටර් 10 කට මිශ‍්‍රකර ඉසිය යුතුය. ඉන්්මැසි හා දළඹු උවදුර මැඩලීම සඳහා කරවිල සඳහා නිර්දේශිත කෘමිනාශක භාවිතා කිරීම ප‍්‍රමාණවත් වෙ.මෙසේ සාර්ථකව වැවෙන තුඹ කරවිල පන්දලම් මත වැල ඇදී යාමට සැලස්විය යුතු වේ. වගාවට මාස 2 1/2- මාස 03 ක පමණ කාලයක් ගත වෙද්දී මල් හට ගැනීම ආරම්භ වේ. වැල් වර්ධනය කර ගැනීම සඳහා මුලින් හට ගත් මල් ඉවත් කිරීමක් කළ යුතුය.මෙසේ මහ කන්නය ලෙසින් ඔක්තෝබර් - නොවැම්බර් මාස වල හා යල කන්නය සඳහා අපි‍්‍රයෙල් මැයි මාසවල වගා කරන තුඹ කරවිල වගාවේ එක වැලකින් වසරකට කිලෝ ග‍්‍රෑම් 6 - 8 දක්වා අස්වැන්නක් ගොවියාට ලබාගත හැකිවේ. වෙළඳපොළට වැඩියෙන් තුඹ කරවිල මුදා හැරීමෙන් දුලබ එළවළුව සුළභ එළවළුවක් වී ගොවියාගේ අතමිට සරුවේ.

කහගොල්ල ගොවි පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂිකා ආචාර්ය එස්. එම්. විජේසුන්දර මහත්මිය පර්යේෂණ නිලධාරී සුනිල් ජයතිලක මහතා සමඟ කළ සාකච්ඡාවකින් සකස් කෙළෙ වැලිමඩ සමූහ


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »