කෙටි කලායක් තුළ කිරිඅල ලබාගැනීමට හැක

2018-03-30 09:57:00       855
feature-top
පහතරට තෙත් කලාපයේ, පොල්වගාව යටතේ, අතුරු බෝගයක් ලෙස, කිරිඅල නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇතැයි, තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ පර්යේෂණ නිලධාරි, ආචාය¸ සුජාතා වීරසිංහ මහත්මිය ප‍්‍රකාශ කළාය.මෙම කටයුත්තේදී, පොල්ගසෙන් ඉවතලන, පොල්අතු, පොල්ලෙලි වැනි දෑ, එම වගාවේ ප‍්‍රයෝජනය සඳහා යොදාගෙන ඇති බවත්, මේ හේතුවෙන් පොල් වගාවක අවශේෂ කොටස්, ප‍්‍රතිචකී‍්‍රකරණය තුළින් පසෙහි සරුවට වැඩීවීමටද හේතුවන බවත් එහි කෘෂිකර්ම උපදේශිකා කේ. එල්. සී. ජානකී මහත්මිය පැවසුවාය.මෙහිදී අස්වනු ලබාදෙන, උසස් ගුණාත්මක ප‍්‍රභේදයක් වන, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් නිර්දේශිත “ ඉසුර” නම් වූ ප‍්‍රභේදය භාවිතා කළ හැකිය. මෙම වැඩපිළිවෙළ අනුව, තවාන් කිරීම සඳහා ලොකු අලකැබලි අවශ්‍ය නැත. අස්වැන්න නෙළාගත් කිරිඅල ගස්වල මවු අලය ගෙන, අඟල් 2ක් පමණ ඝනකමට, ග‍්‍රෑම් 75ක් පමණ බරවන පරිදි, අංකුර නොකැපෙන සේ, පෙති කපා ගැනීම කළයුතුවේ, කපාගත් අලකැබලිවල කැපුම් පෘෂ්ඨයේ, අළු තැවරීමට හෝ දිලීර නාශක ගල්වා ගැනීමට අවශ්‍ය වේ.

තවාන් සැකසීමකෙටි කලායක්තුළ වඩාත් සාර්ථක කිරිඅල ලබාගැනීමට හැකික‍්‍රම දැනට හඳුන්වාදී තිබේ. පළමුව උදළු තලයේ පළලට හා ගැඹුරට, පොළොවේ කානුසාදා ගත යුතුය. ජලය පවතින බිමක, කාණු සෑදීම සුදුසු නැත. එම කාණුමත පොල්ලෙල්ලේ ඇතුල්පැත්ත උඩු අතට සිටින සේ, තැන්පත් කළ යුතුය. ඊට පසු කොම්පෝස්ට් මිශ‍්‍ර පස්වලින් කාණුවල ඇති පොල්ලෙලි පිරවීම කළයුතුය. අළු තැවරූ එක් අල කැබැල්ලක් එක් පොල්ලෙල්ලක තැන්පත්කර, මතුපිට පස්වලින් අලකැබලි වැසිය යුතුය. එහෙත් වියලි තත්වයක් ඇති වූ විට, ජලය සම්පාදනය කළ යුතුය. ඉතා කෙටි කාලයකින් (මාස 2 කින් පමණ) ක්‍ෂෙත‍්‍රයේ සිටුවිය හැකි පත‍්‍ර 4ක් 5ක් සහිත නිරෝගී තවාන් පැළ ලබාගත හැකිය. මෙම ක‍්‍රමයේ ලොකුම වාසිය වන්නේ, තවානෙන් පැළ රැගෙන සිටුවන්නේ පොල්ලෙල්ලත් සමග වීමයි. එමගින් මූල මණ්ඩලයට හානියක් සිදු නොවේ. සාමාන්‍ය තවානකින් කිරිඅල පැල ලබා ගන්නාවිට, මුල්වලට හානි සිදුවන නිසා, පැළහැදීම පසුබෑමකට ලක්වෙන බවත්, පහල පත‍්‍ර කහපාට වෙන බවත්, දිලිර රෝග හටගන්නා බවත් අමතක නොකළ යුතුයි.

ක්‍ෂෙත‍්‍රයේ සිටුවීමකිරිඇල තනිබෝගයක් ලෙස, වැවීමේදී, මීටර් 1 ය  මීටර් 1 ලෙසද, කෙසෙල්, පොල් යටතේ අතුරු බෝගයක් ලෙස වැවීමේදී, මීටර් 1.2 ය  මීටර් 1.2 පරතරයකට යෙදීම සුදුසු වේ. සැහැල්ලු පසක නම්, දිග ය පළල යගැඹුර සෙන්ටිමීටර් 45 ය සෙන්ටිමීටර් 45ය සෙන්ටිමීටර් 45ක් ලෙසද, තද පසක් නම්, සෙන්ටිමීටර් 60ය සෙන්ටිමීටර් 60 ය සෙන්ටිමීටර් 60 - ප‍්‍රමාණයේ වලවල් කැපිය යුතුය.ඉහත ප‍්‍රමාණයට කපාගත් වලවල්වලට, පොල්ලෙල්ලේ ඇතුල්පැත්ත උඩු අතට සිටින ලෙසට තට්ටු 2ක් පමණ ඇතිරිය යුතුයි. මෙමගින් ජල හිඟතාවයකටද ඔරොත්තු දීමේ හැකියාවක් ඇති වේ. මෙම වලවල් පිරවීමේදී කාබනික පොහොරක් ලෙස ගොම පොහොර, වේලී දිරාගිය තණකොල, හා පිදුරු භාවිතා කළ හැකිය. මතුපිට පස්සමග කාබනික පොහොර 1:1 අනුපාතයට යෙදීමෙන් වගාව සාර්ථකව කරගත හැකිය.

පොහොර යෙදීමපැළ 100කට යොදන පොහොර ප‍්‍රමාණය මෙහි සඳහන් කෙරෙයි. පැළ සිටුවීමට දින 3කට පෙර යූරියා ගෑම් 432ක්ද සාන්ද්‍රා සුපර් පොස්පේට් කිලෝ ග‍්‍රෑම් 1.728ක්ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් ගෑම් 684ක්ද අවශ්‍යය. පැලසිටුවා මාස 1 1/2ක් හෝ 2ක් වනවිට යූරියා ග‍්‍රෑම් 864ක්ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් 864ක්ද, එක්කළ යුතුය. පැළසිටුවා මාස 3 1/2කට පසු, යුරියා ග‍්‍රෑම් 864ක්ද, මියුරියේට් ඔෆ් පොටෑෂ් ග‍්‍රෑම් 864ක්ද, සිටුවා මාස 5 1/2කට පසු මියුරි යේට් පොටෑෂ් ග‍්‍රෑම් 576ක්ද යෙදිය යුතුය.මුල් මාස 5 දී පමණක්, යූරියා අඩංගු රසායනික පොහොර භාවිතා කළයුතුය. නැතිනම් අලය නිපදවීම සිදු නොවී, ගසේ වර්ධනය පමණක් සිදුවිය හැකිය. මාස 5 කට පසු දෙවතාවක් මියුරියේට් ඔෆ් පොටෑෂ් පමණක් යෙදීමෙන් ගුණාත්මක අල අස්වැන්නක් බලාපොරොත්තු විය හැකිය. පොහොර යෙදීම සමගම ගස්මුලට පස් එකතු කිරීමද කළ යුතුය.මේ පිළිබඳ වැඩිවිස්තර දැනගැනීමට නම්, තෙලිජ්ජවිල කෘෂිකර්ම පර්යේෂණ ආයතනයට පැමිණ ලබා ගත යුතුයි.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි

More News »