ගෙවත්තේ මාළු මිරිස්‌ පැළ වගා කර ගනිමු

2018-04-19 10:28:00       341
feature-top
උද්භිද විද්‍යාත්මක නාමය - කැප්සිකම් ඇනමි යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මාළු මිරිස්‌ සොලනේඩියේ කුලයට අයත්වේ. අඩංගු විටමින් වර්ග A සහ C වේ. ඛණිජ ලවණ අන්තර්ගත එළවළු විශේෂයකි. පොස්‌පරස්‌ පොටෑසියම් වැනි මූලද්‍රව්‍ය අන්තර්ගතය. කැප්සිකියුටික්‌ නැමැති රසායනික ද්‍රව්‍ය අන්තර්ගත වී ඇති නිසා සාමාන්‍ය සැර රසයකින් සමන්විතය. මහා පරිමාන වගාවන් හිදී දේශගුණික තත්ත්වයන් ගැන අවධානය යොමුකිරීම වැදගත් වේ. තෙත් කලාපීය හා වියළි කලාපීය දේශගුණයක්‌ තුළ වගා කළ හැකි බෝගයකි. මුහුදු මට්‌ටමේ සිට උස අඩි 1200 - 1500 දක්‌වා ද වගා කළ හැකි වේ. එමෙන්ම කුඩා ගෙවත්තක මෙන් මහල් නිවාසවලද බඳුන්වල ඉතා හොඳින් වගා කළ හැකි බෝගයකි. මාළු මිරිස්‌ ඇට මිලයට ගැනීමේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හෝ වෙනයම් පිළිගත් ආයතනයක අනුමත බීජ වගාව සඳහා යොදා ගත යුතු වේ. මාළු මිරිස්‌ කරල් ඉදුණුq පසු ලබා ගන්නා ඇට සාර්ථක වගාවකට යෝග්‍ය නොවේ. 

වගාව සඳහා සුදුසු වන්නේ හංගේරියන් යෙලෝ වැක්‌ස්‌ - Haබටැරසහ්බ ශැකකද ආං හා CA 8 යන ප්‍රභේද යොදාගත යුතුය. හංගේරියන් යොලෝ වැක්‌ස්‌ වල විශේෂ ලක්‌ෂණය වන්නේ කරල් කහපාටින් යුක්‌ත වීම හා උඩු අතට හටගැනීමයි. කරලක සාමාන්‍ය දිග සෙ.මී 15 ක්‌ පමණ වේ. CA 8 වර්ගයේ කරල් ලා කොළ පැහැතිය. රැළි සහිතය. කරල් දීප්තිමත්ය. අග නැමී ඇත. 

තවාන් සකස්‌ කිරීම ( බීජ තවාන්කර ලබාගත් පැළ ක්‍ෂේත්‍රයේ සිටු විය යුතුය. තවාන් සැකසීමේදී හොඳින් ආලෝකය ලැබෙන හොඳින් ජලය බැස යන ස්‌ථානයක්‌ තෝරා ගත යුතුය. පොළව මට්‌ටමින් උස්‌ (අඟල් 6 පමණ) ට පාත්ති සකස්‌ කර ගත යුතුය. බීජ තවාන් කිරීමට ප්‍රථම කෘතිම ජීවානුහරණයක්‌ හෝ ස්‌වභාවික ජීවානුහරණුහරණයෙන් පස බඳුන් ගත කළ යුතුය. කෘතිම ජීවානුහරණය සඳහා කැප්ටාන්, වැනි දිලීර නාශකයක්‌ යොදා ගත හැක. ස්‌වභාවිකව නම් පස පිළිස්‌සීම හෝ වාෂ්ප මගින් තැම්බීම සිදු කළ යුතුය. ඊට පසු කොම්පෝස්‌ට්‌ හෝ වෙනත් කාබනික පොහොර මිශ්‍රණයක්‌ සමග පස හොඳින් කලවම් කර සිනිදු පෘෂ්ටයක්‌ සකස්‌ කරගත යුතුය. පස බොරලු සහිත නම් ගංගා වැලි ටිකක්‌ එකතු කර සකස්‌ කරගත් පෘෂ්ඨය මත බීජ අතුරා ගත යුතුය. බීජ අතුරා ගැනීමෙන් පසු බීජ පසට සම්බන්ධ වීම සඳහා පස්‌ මතුපිට අතින් සියුම්ව පිරිමැදීම කළ යුතුය. ඊට පසු ජලයෙන් තෙත් කළ යුතුය. තෙතමනය රඳවා ගැනීම පිණිස මතුපිට ආවරණයක්‌ කිරීම සුදුසුය. එසේ කිරීමෙන් බීජ පුරෝහණය ඉක්‌මන් වේ.

පැල සිටුවීම 

තවාන් කර සති තුනකින් පමණ පැල ගැලවීම කළ හැක. අඟල් 2-3 පමණ උසට වර්ධනය වූ පැල ගලවා ක්‍ෂේත්‍රයේ සිටුවා ගත හැක. පාත්ති සකස්‌ කිරීමේදී උපරිම පළල ලෙස මීටර් 1 පමණ සෑහේ. දිග ප්‍රමාණය මීටර් 5 පමණ සෑහේ. පේළි පාත්ති අතර ගමන් කිරීමට පහසු වනසේ පාත්ති සකස්‌ කර ගත යුතුය. පැල සිටුවීමේදී අඩි 1 1/2 - 2 පරතරයක්‌ වඩා යෝග්‍ය වේ. එක වලක පැල දෙකක්‌ සිටුවිය හැක. පස්‌ රළු භාවයෙන් වැඩීනම් ගංගා වැලි වැනි සැහැල්ලු මාධ්‍යයක්‌ මුසු කර ගත යුතුය. 

ජලය යෙදීම 

වැසිකාල වලදී හැර අනෙක්‌ වියළි දිනවලදී (පැල කුඩාකාලයේදී) ජලය ලබාදීම කළ යුතුය. පැල වර්ධනය වූ පසු සතියකට 2 වරක්‌ 3 වරක්‌ ජලය යෙදීම අවශ්‍යය. පීදෙන කාලයේදී තෙතමනය තිබීම යෝග්‍යය. 

අස්‌වැන්න 

නෙලීම සිටුවා මාස 2 කින් පමණ පසු කළ හැක. 

රෝග 

දිලීර බැක්‌ටීරියා හා -- කොළ කොඩවීම, පත්‍ර ලප සහ කුඩිත්තන් හා මයිටා හානි ද පැල මැක්‌කන් කරල් විදින පණුවන් වැනි සතුන්ගෙන් හානි පැමිණීමට ඉඩ ඇත. නිතර විමසිලිමත් වීමෙන් රෝගය පාලනය කරගත හැකි වේ.

courtesy : navaliya.com


More News »