Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
අතමිට සරු කරන මැද කන්නයේ මුං වගාව

යල මහ කන්න දෙක අතර මැද කාලයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ බොහෝ ගොවියෝ මුං වගාව කිරීම ආරම්භ කරති. වී අස්වැන්නෙන් පසු අමතර අස්වැන්නක් ලබාගැනීමට මුං වැපිරීම ඉතාමත් සුදුසුය. රට අවශ්‍ය බොහෝ මුං ප්‍රමාණයක් සැපයීමට මැද කන්නයේ මුං වගාව හේතු වෙයි. එහෙත් 2012 වර්ෂයේදී අතරමැදි කන්නයේ මුං වගාවේ රෝග‍ී තත්ත්වයක් වාර්තා විය. මේ රෝගය බ්‍රවුන් බට්නික් රෝසිස් හෙවත් රටකජු වගාවට වැළ‍ඳෙන දල්ල විචිත්‍ර වෛරසය ලෙස හඳුන්වයි. මෙවැනි තත්ත්වයක් ප්‍රථමවරට ලංකාවේදී හඳුනාගන්නේ 2014 වර්ෂයේදීය. මේ පර්යේෂණය දියත් කළේ හෝමාගම පැළෑටි වෛරස් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානයි. මෙය පැළ මැක්කා මඟින් ඇති වන තත්ත්වයක් ලෙස හඳුනාගත් මෙයට අනවශ්‍ය ලෙස කෘෂි රසායනික ද්‍රව්‍ය යෙදීම සුදුසු නැත. අතරමැදි කන්නයේදී පවතින අධික උෂ්ණත්වය මෙයට හේතුවක් ලෙස හඳුනාගෙන ඇති අතර මේ කාල පරාසයේදී පැළ මැක්කාගේ ගහනය වැඩි වෙයි.

කෙසේ වෙතත් මෙය පාලනය කිරීමෙන් මුං ඇස්වැන්න වැඩි කිරීමට අවකාශ සැලැසේ.මුං වගාවේ දල්ල කහ පාට නම් වගාවෙ මේ රෝගයට ගොදුරු වී ඇති බවට නිසැකව තීරණය කළහැකිය. රෝගයට ගොදුරුවීම මුලින්ම හඳුනාගතහොත් එය වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එහෙත් එසේ් හඳුනාගැනීමට නොහැකි වුවහොත් අස්වැන්න ලබා ගැනීමට නොහැකිවේ. රෝගී තත්ත්වය පැතිරී ගිය පසු කෘමිනාශක යෙදීම කිසිසේත්ම ඵලදායී නොවේ. මේ නිසා මුලින්ම රෝගය හඳුනාගැනීම වැදගත්වේ. මේ නිසා වගාවේ ආර්ථික වටිනාකම වැඩි කිරීමට නම් මුං පැළ කාලයේදී මනා අවධානය යොමු කිරීම වඩාත් වැදගත් වේ.

චිත්‍රානී රණසිංහ
සහකාර කෘෂිකර්ම
අධ්‍යක්ෂිකා පර්යේෂණ
හෝමාගම පැළෑටි
වෛරස් මධ්‍යස්ථානය

silumina.lk


Ads here
340 x 60
Rs. 4000/-