Ads here
340 x 60
Rs. 5000/-
18 Views  
ඩේසි පවුලට අයත් සුන්දර ඩේලියා    


ගෙමිදුල හැඩ කරන මල් පිපෙන ශාක අතර සුවිශේෂී ස්ථානයක් හිමිකර ගෙන ඇති “ඩේලියා” මල දුටුවන්ගේ සිත් වශීී කරවන්නට සමත්වීම පුදුමයක් නම් නොවේ. ඉතාමත් සුන්දර මලක් වූ ඩේලියා මඳක් වටිනාකමින් වැඩි ශාක ගොන්නට වැටෙන අතර, මල් වවන බොහෝ දෙනකුගේ ලැයිස්තුවට ඇතුළත් වන්නකි.ඩේසි පවුලට අයත් ඩේලියා බහු වාර්ෂික ශාකයකි. විවිධ පැහැයෙන් සහ විවිධ හැඩයන්ගෙන් යුත් මෙම ඩේලියාහි දැනට ප‍්‍රභේද 30 කටත් අධික ප‍්‍රමාණයක් ඇත. දීප්තිමත් කොළ පැහැති පත‍්‍රයන්ගෙන් සමන්විත සිත් ඇද ගන්නා සුළු ඩේලියා මලෙහි නටුව ටියුබ් හැඩයක් (ඇතුළත සිදුරක් සහිත) ගනියි. මෙය ජන්මය ලැබූූ රට ලෙසින් හඳුන්වන්නේ මෙක්සිකෝවය.මනාව වර්ධනය වූ ඩේලියා ශාකය පඳුරක් ලෙසින් වැඩෙනු දක්නට ලැබේ. මෙහි ඇතැම් වර්ග උස්ව වැඩෙන අතර පඳුරු වශයෙන් වැඩෙන ශාක වල පැළ වෙන් කිරීමෙන් වර්ගයා බෝ කරගත හැකිය. අතු කැබැලි මාර්ගයෙන් මෙන්ම මෙහි හට ගන්නා අල මාර්ගයෙන්ද ඩේලියා වගාව ව්‍යාප්ත කළ හැකි අතර පඳුරු වලින් වෙන් කර ගන්නා කුඩා පැළ වඩාත් හොඳීන් වර්ධනය කරගත හැකිය.සාමාන්‍ය ප‍්‍රමාණයේ මල් සහ ඉඳහිට විශාල ප‍්‍රමාණයේ මල් ද හට ගන්නා ඩේලියා සුදු, තද රතු, තැඹිලි, තද කහ, ළා කහ සහ ද්විත්ව වර්ණයෙන්ද දක්නට ලැබේ. මනා හිරු එළියක් පවතින ස්ථානවල ඩේලියා හොඳින් වර්ධනය වන අතර එවිට අලංකාර පුෂ්පයන්ද හට ගනියි.ඩේලියා වගාව සඳහා වඩාත් සුදුසු වන්නේ කොම්පෝස්ට් සහ ගඟේ වැලි වගා මිශ‍්‍රණයයි. ජලය හොඳින් බැසයන ආකාරයට වගා මිශ‍්‍රණය සකස් කර ගත යුතු අතර සාරවත් පසක පහසුවෙන් වගා කිරීමට හැකියාව ලැබේ.නිතිපතා ජල සැපයුමක් මෙම වගාවට අවශ්‍ය නමුදු වතුර වැඩි වශයෙන් රැඳී සිටීමෙන් මුල් කුණුවීමේ ප‍්‍රවණතාවයක් ද ඇත. නමුදු ශීත දේශගුණය වඩාත් පි‍්‍රය කරන ශාකයකි. එම පරිසර තත්ත්වයේදී ඩේලියා ශාකය මනාව වර්ධනය වනවා පමණක් නොව මල් හට ගැනීමේ ප‍්‍රවණතාවයද වැඩිය.උද්‍යාන අලංකරණයේදී ඩේලියා පාත්ති ලෙසින් සකස් කර සිටුවීමෙන් ප‍්‍රසන්න දසුනක් මැවෙනවා සේම සුන්දර මලින් පිරුණු කළ එම සුන්දරත්වය දෙගුණ තෙගුණ වේ. මේ නිසාම උද්‍යාන අලංකරණයට ඉතා සුදුසු ශාකයක් ලෙසින් ඩේලියා ගස හඳුන්වා දිය හැකිය.මල්වල ප‍්‍රමාණ සහ හැඩයන් අනුවද කොටස් දහයකට පමණ බෙදා දැක්විය හැකි අතර විවිධ පෙති සහිත මල් ද දක්නට ලැබේ. ඒ මහත, සිහින් මල් පෙති මෙන්ම අගින් ඇඹරුණු, පැතැලි ආකාරයේ මල් පෙති වශයෙනි.ඩේලියා මල විවිධ සැරසිලි සඳහා උපයෝගී කර ගන්නා අතර විශේෂයෙන්ම මංගල, අවමංගල උත්සව සඳහා බෙහෙවින් ප‍්‍රයෝජනයට ගැනේ. මනාලියගේ මල් කළඹටත්, යෙහෙළියන්ගේ සහ මල් කුමරියන්ගේ මල් කළඹ සැකසීමටත් බොහෝ විට යොදා ගනී. මෙය විවිධ වර්ණයන්ගෙන් යුක්ත නිසා වෙළෙඳ පොළේද හොඳ ඉල්ලුමක් ඇත. මේ නිසා ස්වයං රැකියාවක් ලෙස ඩේලියා වගා කිරීමෙන් හොඳ ආදායම් මාර්ගයක් සකසා ගත හැකිය. එපමණක් නොව වැඩි භූමි ප‍්‍රමාණයක ඩේලියා වගා කිරීම තුළින් එය රැකියා අවස්ථා බිහි කිරීමේ මාර්ගයක්ද වේවි.දුටුවන්ගේ නෙත සිත් පුබුදු කරන මෙම ඩේලියා වගාවට විශේෂයෙන්ම සරුපස, මනා හිරු එළිය මෙන්ම නිසි කලට පොහොර සැපයීමද අත්‍යාවශ්‍යය. මේ සඳහා දියර පොහොර වර්ග මෙන් කැට පොහොර වර්ගද භාවිතා කළ හැකිය. ඊට අමතරව මෙම වගාවට පිටි මකුණු උවදුර හෝ දිලීර රෝග වැළඳුණහොත් කෘමිනාශක හෝ දිලීර නාශක භාවිතයෙන් එයින් මිදීමට හැකියාව ලැබෙනු ඇත.

Wmqgd .ekSu ��; mqj;a m; weiqfrks
Ads here
340 x 60
Rs. 4000/-