Ads here
340 x 60
Rs. 5000/-
0 Views  
අතුරු බෝගයක් ලෙස මෑ කරල් වවමු

දැන් නගරබද ද ගෙවතු වගාව බෙහෙවින් ජනපි‍්‍රයයි. නගරයේ පැහැදිලිව පෙනෙන එක් කරුණක් නම් බිම් ප‍්‍රමාණය ඉතා සීමිත වුවත් ගෙවතු වගාවට බොහෝ දෙනකුගේ සිත් ඇදියාමට පටන්ගෙන ඇතිබවයි. වගා කිරීමේදී අතුරු බෝගයක් ලෙසින් ශී‍්‍ර ලංකාවේ නමක් දිනූ වගාවක් ගැන අපි මෙවර කතා කරමු. දිගු ඉතිහාසයකට හිමිකම් කියන එළවළු වර්ගයක් වන මෑ කරල් අපගේ බත්පතට නිතරම එකතුවන්නක්. බොහොමයක් ගෙවතු වල මෑකරල් වගාව ඉතා සුළු වශයෙන් අතුරු වගාවක් ලෙස කෙරුනත් ප‍්‍රමිතියනුකූලව මැකරල් වගා කරන්න බොහෝ දෙනෙක් වැඩි උනන්දුවක් දක්වන්නේ නෑ. ඉතාම කුඩා බිම් කොටසක හෝ ඔබත් ගෙවතු වගාවෙහි නිරත වෙනවා නම්  ප‍්‍රමිතියකට අනුව ක‍්‍රමානුකූලව වගාකිරීමට බෙහෙවින් වාසිදායකයි. එමගින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබා දෙන බවට සැක නැත.මෑකරල් කියන්නේ අපේ රටේ ඕනෑම බිම් අඟලක වගා කළ හැකි බෝගයකි. සාමාන්‍යයෙන් මෑකරල් වර්ග තුනකින් යූක්ත වෙනවා. පොළොං මෑ, හවරි මෑ, බූෂිටා යනුවෙන් මේවා හැදින්වෙනවා. හොදින් පැසුණු මැකරල් මෝරා වියළෙන්නට හැර ලබා ගත් බීජ සිටුවීමේදී අඩි 3 පමණ පරතරයක සිටුවිය යුතුයි. හවරි මෑ සහ පොළොං මෑ වැල් දුවන නිසා පැළ අඟල් තුන හතරක් උසට වැඩෙද්දි ඉනි දෙකක් සිටුවා උඩින් එකට ගැට ගසා කතිර මැස්සක් සැදිම වඩාත් පහසුයි. බූෂිටා මෑ වර්ගය පදුරු වශයෙන් වැවෙන නිසා ඒවායෙහි වැල් දිවීමක් නැත. සිටූවා දින 45 ඇතුලත කරල් නෙලා ගන්නට පුළුවන. පොළොං මෑ වර්ගයේ කරල් කෙටිවන අතර හවරි මෑ, වර්ගය දිග කරල් වලින් යුක්තයි.

පොහොර මැකරල් වගා කිරීමේදී කොම්පොස්ට් පෙහොර හො රසායනික පොහොර භාවිතා කළ හැකියි. මැකරල් වගා කිරීමේදී විවිධ දිලීර රෝග බාධ වලට ලක්වන නිසා ද ප‍්‍රවේශම් කිරීමට සිදුවෙයි. වැල් කොඩවීමේ රෝගය, මේ අතරින් වඩා බහුලව දක්නට ලැබෙන රෝගයකි. මේ උවදුරින් මෑ වැල් බේරා ගැනීම සඳහා සබන් කුඩු මිශ‍්‍ර වතුර ඉසීම හෝ සුදුසු රසායනික දියරයක් යෙදීම කල් ඇතිවම කළ යුතු වෙයි.

වෙළෙඳ පොළක් බණ්ඩක්කා, වම්බටු වැනි වගාවකට අතුරු වගාවක් වශයෙන් බොහෝ විට මැකරල් වැවීම සිදු වෙනත් මැකරල්, බෝංචි තරමටම අදත් ජනපි‍්‍රය ආහාරයකි. හොඳ වෙළෙද පොළක් ද තිබෙන බැවින් මෑකරල් වගා කිරීම ආදායම ලැබිය හැකි බෝග වගාවක්බවද අමතක නොකළ යුතුයි.  ගෙවතු වගා කිරීමේදී ඔබත් මෑවල් කීපයක් ගෙවත්තේ වගා කරගැනීමට සිතනවා නම් මෑ ඇට සිටුවීමට පෙර හොඳින් පස්බුරුල් වන ලෙස පොළව කොටා පස තුනී කර කොම්පෝස්ට් හෝ රට පොහොර එකතුකර පාත්තියක් සකසාගෙන මෑකරල් ඇට සිටුවීම කරන්න. මාර්තු මස අගදි පමණ ඔබ මෑ ඇට සිටූවීම කළහොත් උදේ සවස වතුර දමා සති දෙක තුනක් පැළ වලට සාත්තු කරන්න. ඉන්පසු ඇද හැලෙන බක්මහ වැසිවලින් ඔබගේ මෑ වල් ඉතා සරු වට වැඩි නියමිත කාල වකවානුවේදී පලදාවක් ලබා දෙනුඅත.

විශේෂ ස්තූතිය  කොට්ටාව මාලපල්ල නවදිරය ගොවි සංවිධානයේ  සේනාරත්ත කංකානිගේසෑම් පෙරේරා

danuma.lk


Ads here
340 x 60
Rs. 4000/-