0 Views  
ගෙවතු වගාවේ වාසිය

ගෙවත්ත යනු අප ජීවත්වන වටපිටාවයි. අනාදිමත් කාලයක සිට මිනිසුන් තමන්ගේ නිවාස අවට එළවළු, පළතුරු, කුළුබඩු, ඖෂධීය පැළෑටි, මල් සහ දැව ආදී ප්‍රයෝජනවත් හා අලංකාරවත් ශාක වගාකර පරිසරය පිරිසිදුව හා අලංකාරව තබා ගැනීමට කැමැත්තක් දක්වන ලදී. නිවස අවට භූමියේ ප්‍රයෝජනවත් සහ අලංකාරවත් ශාක වගා කිරීම ‍ගෙවතු වගාව ලෙස හැඳින්විය හැක. ගෙවතු වගාව පවත්වා ගෙන යෑම සඳහා වර්ග මීටර් 1000 හෝ ඊට අඩු බිම් ප්‍රමාණයක් භාවිතා කිරීම පහසුය.

 

සංකල්පය

 

ගෙවත්ත යනු අප ජීවත් වන වටපිටාවයි. එය පවුලේ අය ගැවසෙන පවුලේ අවශ්‍යතාවන් සපුරාලන වටපිටාවයි. එනිසා පවුලේ දෛනික අවශ්‍යතා සපුරාලන පුලුල් විවිධත්වයකින් යුතු ගෙවත්තක් යනු ආහාර හා පෝෂණ අවශ්‍යතා සපුරාලන වගා පද්ධතියකි.
ආහාර සඳහා භූමි අලංකරණය
ආහාරයට ගත හැකි බෝග මෙන්ම වෙනත් ප්‍රයෝජනවත් ශාක හොඳ සැලසුමක් අනුව කලාත්මක ලෙස භූමි අලංකරණයට යොදා ගැනීම ආහාර සඳහා භූමි අලංකරණය නම් වේ.

 

ගෘහ ආර්ථික ගෙවතු සංකල්ප

 

ගෙවතු වගාව

 

ගෙවතු වගාව නිසා අපට ප්‍රයෝජන රැසක් හිමිවේ.

 

පවුලේ සමාජිකයන්ට ප්‍රියජනක සමබල ආහාර වේල් ලබාගත හැක.

 

සීමිත සාධකයක් වන භූමියෙන් උපරිම ප්‍රයෝජන ලබාගත හැක.

 

නිවසේ හා ගෙවත්තේ අපද්‍රව්‍ය නැවත නැවත භාවිතා කිරිම නිසා පරිසරය පවිත්‍ර වේ.

 

වස විසෙන් තොර රස ගුණයෙන් පිරි පිරිසිදු ආරක්ෂාකාරී අළුත් එළවළු සහ පළතුරු පරිභෝජනය කිරීමට හැකි වේ.

 

අවශ්‍ය සෑමවිටම ඵල නෙලාගත හැකි නිසා විටින් විට ‍වෙළඳ ‍පොළට යාමට ගතවන කාලය හා වියදම ඉතිරි කරගත හැකි වේ.

 

නිවස අවට සිසිලසක් හා සුවපහසු අලංකාර පරිසරයක් ඇති වේ.

 

ගතට ව්‍යායාමයක් සහ වි‍වේක කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ලබාගත හැකි වේ.

 

කාර්මික සංවර්ධනය නාගරීකරණය ආදී හේතු නිසා මෑත කාලයේදී මිනිසුන් තම එදිනෙදා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වෙළඳපොළ වෙත යාමට පුරුදු වූ අතර එම ඉල්ලුම සපුරාලීම සඳහා වාණිජ මට්ටමේ බෝග නිෂ්පාදන බිහි විය. අද ග්‍රාමීය ජනතාව පවා තම එළවළු හා පළතුරු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වෙළඳපොල වෙත යාමට පුරුදු වී ඇති නිසා ඒ සඳහා ඉල්ලුම ඉහල ගොස් ඇති අතර ඉල්ලුමට සරිලන සේ සැපයීම අපහසු වී ඇත.

 

මේ නිසා මිලෙන් වැඩි කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන ලද ගුණත්වයෙන් අඩු හා පරිභෝජනයට නුසුදුසු එළවළු හා පළතුරු වෙළඳ පොළට ඉදිරිපත් වීම ආදී අහිතකර තත්වයන්ට මුහුණ දීමට පාරිභෝගිකයන්ට සිදු වී තිබේ.

 

ගෙවතු වගාව කෙරෙහි පැවතුන උනන්දුව අඩු වීමෙන් සමාජ, ආර්ථික හා පාරිසරික ප්‍රශ්න රැසක් ඇති වී තිබේ. වාණිජ්‍යමය වගාවල් පැතිරීම නිසා කැලෑ එළි කිරීම, පස සෝදා යාම, ජල සම්පත් සිදී යාම, කෘෂි රසායනික ද්‍රව්‍ය ම`ගින් පරිසරය දූෂණය වීම ආදි අපේ පැවැත්මට අහිතකර විපත් රාශියක් සිදු වෙමින් පවති. මෙම ව්‍යසනයන්ගෙන් ගැලවී ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් ඇතිකර ගැනීමත් රසායනික වස විසෙන් තොර එළවළු, පළතුරු ආදිය නිපදවා ගැනීමටත් අපට පහසුවෙන් පුළුවන. ඒ සඳහා අප කළ යුත්තේ අපේ මුතුන් මිත්තන් මෙන් ගෙවතු වගාව වෙත යලි නැඹුරු වීමයි.

 

අපට අවශ්‍ය එළවළු, පළතුරු ආදිය අපම නිපදවාගත යුත්තේ ඇයි?

 

01 වෙළඳපොලේ පවතින මිල අධික වීම.

 

එළවළු සහ පළතුරු අස්වැන්න නෙළීම වසර තුල නිශ්චිත වූ කාලයන්ට සීමා වී පවති.
එබැවින් ඉතිරි කාලවලදී සැපයුම ඉතාමත් අඩු වේ.
තවද අයහපත් දේශගුණික තත්වයන් නිසා නිෂ්පාදනය අඩුවන අවස්ථා ඇතිවන බැවින් එළවළු හා පළතුරු මිල බොහෝ විට ඉහළ මට්ටමක පවති.

 

02 අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගු වීම.

 

වාණිජ මට්ටමෙන් එළවළු සහ පළතුරු වගා කිරීමේදී බහුල වශයෙන් රෝග හා පළිබෝධ හානි ඇති වේ.
ඒවා මර්ධනය කිරීම සඳහා කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරනු ලැබේ.
පලිබෝධනාශක මිනිසුන්ට අධික ලෙස විෂ සහිතවන අතර ඒවා යෙදීමෙන් පසු සති 2-3 කාලයක් ගතවනතුරු අස්වැන්න නෙළා ගැනීම නොකල යුතුය.
සමහර ගොවීන් කෘෂි රසායනික ද්‍රව්‍ය යොදා සති දෙකක් ගත වීමට පෙර අස්වැන්න නෙළා වෙළඳ පොළට එවන බව වාර්තා වී ඇත.
එම නිසා වෙළඳ පොලේ එළවළු සහ පළතුරුවල බොහෝ විට අහිතකර කෘෂි රසායනික ද්‍රව්‍ය අඩංගුව ඇත.

 

03. රසය හා ගුණය හීන වීම.

 

අස්වැන්න නෙළාගත් අවස්ථාවේ සිට ගතවන කාලයත් සම`ග එළවළුවල රසය සහ පෝෂ්‍ය ගුණය ක්‍රමයෙන් අඩු වේ.
වෙළඳපොලෙන් බොහෝ විට අපට මිලදී ගැනීමට සිදුවන්නේ අස්වැන්න නෙළා දින 3 - 6 පමණ ගත වූ රසයෙන් හා ගුණයෙන් හීන වූ එළවළු සහ පළතුරුය.

 

04. පරිභෝජනයට නුසුදුසු එළවළු සහ පළතුරු.

 

බොහෝ එළවළු වර්ග නොමේරු අවධියේදීත් පළතුරු වර්ග හොඳින් මේරූන පසුවත් අස්වැන්න නෙළා ගත යුතුය.

 

නමුත් පරිභෝජනයට නුසුදුසු තරමට මේරූ එළවළු වර්ග හා නොමේරූ පලතුරුද අලෙවියට තබා ඇත.
තවද පරිභෝජනයට නුසුදුසු තරමටම කල් ගිය එළවළු හා පළතුරු වෙළඳ‍පොලේ අලෙවි කිරීමට ඇත.


Wmqgd .ekSu �k�K mqj;a m; weiqfrks
o