0 Views  
කෙසෙල් ගුල්ලා

කෙසෙල් ගුල්ලාගේ හානිය දෙයාකාරයකින් දැකගත හැකි වේ

v     කෙ‍ෙසල් කඳගුල්ලා

v     කෙසෙල් අලගුල්ලා

කෙසෙල් කඳගුල්ලාට දුඹුරු පාටට හුරු දිගටි ශරීරයක් ඇති අතර එය මිලි මීටර් 18 පමණ වේ.  මීට අමතරව සුදු හා කලු පිටින්ද ඇතැම් ප්‍රදේශවලින් දැකගත හැකි වේ.

කෙසෙල් කඳගුල්ලා කෙසෙල් කදෙන් හා අලගුල්ලා අලයෙන් දමන  බිත්තරවලින් පිටවන කීටයන් ඇතුලත කොටස් කා දමයි. මොවුන්ගේ ජීවන කාලය දින 25න් පමන වන අතර මුලු ජීවිත කාලයම සද හෝ අලය තුල ගත කරයි. වැඩුනු කෙසෙල් කඳගුල්ලාට පියාසර කල හැකි අතර කෙසෙල් අලගුල්ලාට පියාසර කල නොහැකිය. මේ නිසා රාත්‍රි කාලයේ මුල් ගුල්ලා අවදිගෙන යාම සිදු කරයි.

 

කෙසෙල් ගුල්ලාගේ හානිය

කෙසෙල් අලගුල්ලා හා කෙසෙල් කඳගුල්ලා අලයටත් කදටත් හානි කරයි. මොවුන්ගේ හානිය ඇතිවන විට පත්‍ර කන වී වියළී යයි. කදේ සිදුරු ඇති වී ඒවායේ මැලියම් වෑස්වීම සිදුවේ. කැන් හට ගැනීම දුර්වල වීම, ගෙ‍ාබය හිරවීම, ඉතා අඩු සුළගකදී පවා කෙසෙල් කද කඩා වැටීම මොවුන්ගේ හානිය පෙන්වන තවත් ලක්ෂණයකි.

 

ප්‍රභවය

ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය-ගන්නෝරුළව

ප්‍රභවය

ශ්‍රව්‍ය දෘෂ්‍ය මධ්‍යස්ථානය-ගන්නෝරුළව


Wmqgd .ekSu Èjhsk mqj;a m; weiqfrks
o